ඇමැති ජොනි ‘නොටෝරියස් නිරූ’ එළවා දමයි
07 December, 2011 | | |අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඔහුගේ ‘‘රහස්‍ය ලේකම්වරිය’’ ලෙස කටයුතු කළ නොටෝරියස් නිරූව වහාම ක‍්‍රියාත්මකවන පරිදි එළවා දමා ඇති බව ‘‘පැපරාසියා’’ට වාර්තා වේ.
මෙසේ එළවීමත් සමඟම නිරූට ජොනි විසින් ලබා දී තිබූ ලැප්ටොප්, මොබයිල්, සහ මෝටර් රථය වහාම අමාත්‍යාංශය බාරයට ලබා ගන්නා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් විසින් තම ආරක්‍ෂකයින්ට උපදෙස් දී තිබේ.
නොටෝරියස් නිරූව මෙසේ වහාම එළවා දැමීමට හේතු වී ඇත්තේ ඇය රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සමඟ ජොනීට රහසෙන් සිංගප්පූරුව බලා යාමයි. සභාපතිවරයාගේ හා නිරූගේ මෙම රහස් සවාරිය ඔවුන් දෙදෙනා සිංගප්පූරුවේ සිටිය දීම ඇමති ජොනී වෙත සැලවී තිබේ. මෙය සැලවුණු විගස ඇයව තම අමාත්‍යාංශය කරා රැගෙන ආ ජොනීගේ උපදේශකයෙකුවන මොහොමඞ් ඉලියාස් නොහොත් ‘‘ඩිඩා’’ගෙන්වා ඔහුට තදබල ලෙස බැන වැදී ඇති ජොනී ඔහුවද එළවාදමා තිබේ.
මොවුන් දෙදෙනා සතුව තමන්ගේ විශාල රහස් සංඛ්‍යාවක් ඇතිබව මතක්වී ඇති ජොනී ඇමතිවරයා පසුව ඩිඩාට දුරකතන ඇමතුමක් ලබා දී ‘‘හොඳයි මම තමුසෙව ආයිත් වැඩට ගන්නම් හැබැයි අරකි ඔය එකඑකාට මගේ ගැන එක එක දේවල් නොකියන්න තමුසෙ වගබලා ගන්න ඕනේ.’’ යනුවෙන් පවසා ඇත.
තමන්ට නිතර දෙවේලේ පහර දෙන ‘‘පැපරාසි නිව්ස්’’ වෙබ් අඩවිය තහනම් කරන ලෙස ආරක්‍ෂක ලේඛම්වරයාගෙන් ලිපියක් මගින් ජොන්ස්ටන් අමාත්‍යවරයා විසින් ඉල්ලා ඇති අතර එම ලිපිය සකස්කොට ඇත්තේද ඔහුගේ හිටපු රහස්‍ය ලේකම් නොටෝරියස් නිරූ විසිනි. එම ලිපිය ලැබීමෙන් අනතුරුව ජොන්ස්ටන් අමතා ඇති ආරක්‍ෂක ලේකම් පවසා ඇත්තේ සදාචාර සම්පන්නව ජීවත්වනවානම් ඔය කිසිම වෙබ් අඩවියක් එලෙස පහර නොදෙන බවයි. විශේෂයෙන් දේශපාලඥයෙක් වුණාම මුළු සමාජයේම ඇස තමන් වෙත යොමුව ඇතිබව සිතා විනයානුකූලව කටයුතු කරන්නේ නම් එවැනි පුද්ගලයින් කිසි විටෙකවත් ප‍්‍රවෘත්ති සඳහා මාතෘකා නොවන බව ආරක්‍ෂක ලේකම්වරයා ජොන්ස්ටන් අමාත්‍යවරයාට වැඩි දුරටත් පවසා තිබේ.
