ජනාධිපති ලේකම් කාර්‍යාලයේ ඉරුගල් බන්ඩාගේ තවත් වැඩ මෙන්න

04 December, 2011 | | |

 ශ‍්‍රී ලංකා මහජන සංවර්ධන පදනමේ සාමාජිකයන්ට දුරකථන ලබාදීමේ ගිවිසුමකට මුවාවෙන් එම පදනමේ සභාපති, ජනාධිපති ලේකම් කාර්යාල නියෝජිත ජගත් චන්ද්‍ර ඉරුගල් බන්ඩාර රුපියල් දොලොස් කෝටි පනස්පන් ලක්‍ෂයක් වංචා කර ඇතැයි පැපරාසියාට වාර්තා වේ.
ශ‍්‍රී ලංකා ටෙලිකොම් සිටිලින්ක් දුරකථන ලබාදීම සඳහා එක් සමාජිකයෙකුගෙන් රුපියල් 5010ක මුදලක් මහජන සංවර්ධන පදනම විසින් ලබාගෙන ඇත. ඉන් රුපියල් 2500 ක මුදලක් දුරකථන සමාගමට ගෙවා තිබේ. ඉතිරි මුදල සමග බිල්පත් ගෙවන ලෙස සාමාජිකයන්ට දිගින් දිගටම ශ‍්‍රී ලංකා ටෙලිකොම් වෙතින් ලිපි යවා තිබේ. එහෙත් රුපියල් 5010ක මුදලින් රුපියල් 2500 ක් දුරකථන සමාගමට ගෙවා ඉතිරි රුපියල් 2510ක මුදල මහජන සංවර්ධන පදනමේ රඳවාගෙන ඇත.සාමාජිකයන් 50,000 ක ගෙන් එක් අයෙකුගෙන් රුපියල් 2510 බැගින් රුපියල් දොලොස් කෝටි පනස් පන් ලක්‍ෂයක මුදලක් ඉරුගල් බන්ඩාර වංචා කර ඇත.