දැයට කිරුළ ගණුදෙනු බේරාගත නොහැකිව ඇමතියෙකු සහ දැන්වීම් ප‍්‍රධානියෙකු වලියක්
04 December, 2011 | | |
මොණරාගල පැවති ‘දැයට කිරළ’ වැඩසටහනේ ප‍්‍රචාරක කටයුතු සිදුකල ශ‍්‍රීමාල් ඇඞ්වර්ටයිසින් ආයතනය ඊට අදාලව තමන් වෙත ගෙවිය යුතු වූ රුපියල් මිලියන 20ක හිඟ මුදල ලබාදෙන ලෙස බලකරමින් කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ඇමතිවරයෙකු දැන්වීම් ආයතනයේ ප‍්‍රධානියාට දිනපතා දුරකථන ඇමතුම් ලබාදෙන බව පැපරාසියාට වාර්තා වේ.
‘දැයට කිරුළ’ වැඩසටහනේ එකී දැන්වීම් කටයුතු සිදුකරනු ලැබ ඇත්තේ රටේ ප‍්‍රධානියෙකුගේ පුත‍්‍ර රත්නයකගේ හිතවතුන් පිරිසකි. ජනක හා ශ‍්‍රීමාල් ලෙස මිතුරන් ඔවුන්ව හඳුන්වති.‘දැයට කිරුළ’ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් තමන්ට අයවියයුතු හිඟ මුදල් මේ දක්වා ලැබී නොමැති බැවින් එකී හිඟ මුදල ලබාදීමට උදව් කළ හොත් කොමිස් මුදල ගෙවිමට සූදානම් බව ප‍්‍රචාරක ආයතනයේ තරුණයින් දෙදෙනා ඇමතිවරයාට ප‍්‍රකාශ කර තිබේ.‘දැයට කිරුළේ’ මෙම කොමිස් ගැසීම් හෙතුවෙන් අදාල ඇමතිවරයාට ඔහු සතුව තිබු විෂය ක්‍ෂෙත‍්‍රයද අහිමි වී ගියේය.