අක්ෂා නිසා කාවිංගට තවත් මරාලයක්

05 December, 2011 | | |


කාවිංග පෙරේරා ස්වර්ණවාහිනියේ ඉදිරිපත්කරිමින් සිටි ‘මියුසික්ස්’ වැඩසටහනින් හදිසියේ ඉවත්කර ඇතැයි පැපරාසියාට වාර්තා වේ. කාවිංග හා අක්ෂා සුදාරි අතර පවතින පෙම්පලහිලව්ව මේ සඳහා මූලිකවී ඇති බව ද වාර්තා වේ.

පසුගිය දිනක කාවිංග ‘මියුසික්ස්’ වැඩසටහනේ පටිගත කිරීමක් සිදු කරමින් සිටියදී ස්වර්ණවාහිනී නාලිකාවේ විධායක අධ්‍යක්ෂකවරයෙකු වන බුද්ධික කුලසේකර අදාළ ස්ථානයට පැමිණ කාවිංග එළවා දමා ඇතැයි ද වාර්තා වේ.

කාවිංග නිසා බුද්ධික හා අක්‍ෂා අතර පැවැති පෙම කඩාකප්පල් වීම මීට හේතුවී ඇති බව ස්වර්ණවාහිනී අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද ස්වර්ණවාහිනියේ වැඩසටහන අහිමිවීමෙන් පසුව දෙරණ නාලිකාවේ වැඩසටහනක් බලාපොරොත්තුවෙන් එහි ගිය කාවිංග දෙරණ ආයතනය තුළට නොගෙන ඇතැයි ද වාර්තා වේ.

දෙරණ ප‍්‍රධානී ලක්සිරි වික‍්‍රමගේ, කාවිංග ගේට්ටුවෙන් ඇතුළට නොගන්නැයි ආරක්‍ෂක සේවකයන්ට කළ දැනුම්දීමකට අනුව මෙය සිදුවී ඇතැයි ද සඳහන් වේ.