ජැකලින් රජ කුමරුට බුට් එක තියලා !
03 December, 2011 | | |
ශ්‍රී ලංකාවෙන් බොලිවුඩ් පුරයට එක්වූ රූ රැජන, ජැකලින් ෆර්නැන්ඩස්, බහරේනයේ රජ කුමරෙකු වන ෂෙයික් හසන් සමග විවාහ වෙන්නට බලාපොරොත්තුවෙන් සිටින බව දැනගත් කවුරුත් උනන්දු වුණේ ජැකලින් සහ ෂෙයික් ගේ විවාහ මංගල්‍යය සිදුවන දිනය කවදාදැයි දැන ගන්නටයි.නමුත්...
දැන් සිදුවී ඇත්තේ කවුරුත් නොසිතූ දෙයක්. ජැකලින් සහ ෂෙයික් අතර තිබුණු හාදකම බිඳ වැටිලා. මේ වෙන්වීමට හේතුව චිත්‍රපට අධ්‍යක්ෂ සජිඩ් ඛාන් සහ ජැකලින් අතර සම්බන්ධයක් පවතින බවට පැතිරුණු කටකතා බවයි බොහෝ දෙනා පවසන්නේ. මේ කටකතාවෙහි ඇත්ත නැත්ත ෂෙයික් විසින් ජැකලින්ගෙන් විමසා ඇති බවත් දැනගන්නට ලැබී තිබෙනවා.ජැකලින්ටත් ෂෙයික්ටත් සමීප හිතවතකු පැවසුවේ වෙනත් කතාවක්... “මේ දෙන්නා වෙන් වුණේ ඒ කතාව නිසාම නෙමෙයි. ජැකලින් හුඟක් වෙලාවට ෂෙයික් ගෙන් ඈත් වෙලයි හිටියේ. ඒකට හේතුව ජැකලින්ට චිත්‍රපටවල රඟපාන්න කාලය මිඩංගු කරන්න සිද්ධ වුණ එකයි. මුල් කාලෙදි ජැකලින්, ෂෙයික් ව නිතරම මුණ ගැහුණා. ඒත් ටික කාලයක් යද්දි ඒ හමුවීම් සිද්ධ වුණේ කලාතුරකින්. මේ නිසා ෂෙයික් ඒ ගැන හිටියේ නොසතුටින්. ඒ වුණත් එයා කිසිම වෙලාවක සිනමාවෙන් ඈත්වෙන්න ය කියල ජැකලින්ට කිව්වෙ නැහැ. හැම සහයෝගයක්ම දුන්නා.”රාජ කුමාරයාගෙන් ජැකලින්ගේ සිනමා ජීවිතයට ආශිර්වාද ලැබුණත් ඇයගේ ආකල්ප එක්වරම වෙනස් වී ඇය ඔහු වෙතින් ඉවත් වූ බවයි වෙනත් අය ප්‍රකාශ කර තිබුණේ. දෙදෙනා අවසන් වරට හමුවූ මොහොතේදී උණුසුම් වචන හුවමාරුවක් පවා සිදුවූ බවත් පැවසෙනවා.