ඒ.ආර්. රහුමාන් ලංකාවට එන්න බැහැ කියයි
03 December, 2011 | | |
සම්මානලාභී ලෝකප‍්‍රකට සංගීතඥ ඒ.ආර්. රහුමාන් මහතා මේ වසර අගදී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ සංගීත ප‍්‍රසංගය අවලංගු කොට ඇති බව පැපරාසියාට වාර්තා වේ.
මෙසේ රහුමාන් මහතා තම සංගීත ප‍්‍රසංගය අවලංගු කිරීමට හේතුවී ඇත්තේ එම ප‍්‍රසංගය සංවිධානය කරන Creative Concepts නැමති ප‍්‍රචාරක සමාගමේ ක‍්‍රියාකළාපය නිසා යැයි වැඩිදුරටත් වාර්තා වේ.
පසුගිය වසරේ ලංකාවේ පවත්වන ලද අයිෆා සිනමා උළෙලේ යටිතල පහසුකම් සැපයීමේ කටයුතු භාරවඋන් මෙම සමාගම මේ වනවිට ලංකාවේ සුප‍්‍රසිද්ධ තරුපහේ හෝටල් කිහිපයකට මිලියන 300කට අධික ගෙවීම් කටයුතු පැහැරහැරීමත් අයිෆා උළෙල සඳහා සේවා සැපයූ විවිධ සමාගම් සඳහා මිලියන 200ක පමණ ගෙවීම් පැහැර හැරීමත් මෙම සංගීත ප‍්‍රසංගය අවලංගු කිරීම සඳහා බොහෝ දුරට හේතුවී ඇති බව කලාලෝකයේ කතාබහට ලක්වෙමින් තිබේ.
මෙම සමාගමේ විවිධ ක‍්‍රියාකාරකම් පිලිබදව මේ වනවිට විවිධ තොරතුරු ජනමාධ්‍ය හරහා හෙළිවෙමින් පවතින අතර රහුමාන් ප‍්‍රසංගය සඳහා අනුග‍්‍රාහක කටයුතු සඳහා සමාගම් සොයාගැනීමත් අසීරු වී තිබේ. මෙම සියලූම තත්ත්වයන් සලකා ඒ.ආර්. රහුමාන් මහතා මෙම ප‍්‍රසංගය අවලංගු කොට තිබේ.