රන්මිණි තැන්න ‘රවින්‍ද‍්‍ර හා ගනේගල’ ඉල්ලම වෙයි

07 December, 2011 | | |


නළු රවීන්‍ද‍්‍ර රන්දෙණිය හා ජනමාධ්‍ය අමාත්‍යංශ  ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල රන්මිණි තැන්නේ දෙවැනි අදියරට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 900 ක් වෙන්කර දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි ‘පැපරාසියාට’ වාර්තා වේ.

අදාළ ටෙලි ගම්මානයට පළමු අදියර යටතේ රුපියල් මිලියන 700 ක් වෙන් කළ අතර මේ වන විට එහි ඉදිකළ වැන්ස්ට‍්‍රා බෝඩ් පසුතල නිර්මාණ කඩා හැලෙමින් තිබෙන බව ද වාර්තා වේ.

ගනේගල හා රවින්‍ද‍්‍ර මෙම ගම්මානයේ එළිමහනේ හැදවූ පසුතල නිර්මාණ ප‍්‍රමිතියෙන් තොරවීම මෙලෙස කඩා වැටීමට හේතුවී තිබේ.

සාමාන්‍යයෙන් කල් පවතින්නට එළිමහනේ ඉදිකරණ පසුතල නිර්මාණ නිර්මාණය කරනු ලබන්නේ ෆයිබර් ග්ලාස් හා ඇස්බැස්ටෝස්වලින් වුවත් මෙම එළිමහන් පසුතල වලට වැනස්ට‍්‍රා බෝඩ් යොදා ගැනීම මෙම ගම්මානය ඉදිකර දෙවසරක් යන්නට ද පෙර එහි නිර්මාණ බිඳවැටීමට හේතුව බවද වාර්තා වේ.

කෙසේවුවද මේවා එළිමහනේ නිපදවීමට පෙර රවින්‍ද‍්‍ර කිවේ මෙම වැන්ස්ට‍්‍රා බෝඩ් නිර්මාණ නොදිරීමට විශේෂ ආලේපනයක් ගැන බවය.

එවැනි විශේෂ ආලේපනයක් මේවායේ තැවරීමට අතිවිශාල මුදලක් වියදම් කර ඇතත් ඉන් සැපයෙන්නේ පසුතලවලට වැස්සෙන් ආරක්‍ෂාවීමේ අවස්ථාව පනකක් බවද වාර්තා වේ.

පසුගිය දෙවසරේ මෙහි නිපදවා ඇති චිත‍්‍රපට ගණන 03ක් වන අතර ටෙලි නාට්‍ය ගණන 4 කි.