බොරැල්ලේ පොලීසියෙන් අලුත්ම ඇමතුමක්
10 April, 2013 | | |
හලෝ ... මේ පැපරාසියා ද?
ඔව් ... කවුද මේ ...?
මේ මම බොරැල්ල පොලීසියේ සාජන් මහත්තයා
ආයුබෝවන් සාජන් මහත්තයා ... කාලෙකට පස්සෙ
මම කී පාරක් ගත්ත ද? කොහෙද පැපා ගිහිල්ල හිටියෙ?
අනේ නෑ සාජන් මහත්තයො හදිස්සියෙම ලංකාවට එන්ඩ උනා. තාත්තා අන්ත්‍රා වෙලා
අපොයි එහෙමද? ඒ කොයි කාලෙද?
ගිය අවුරුද්දෙ අන්තිමට.
ඒක තමයි මාස දෙක තුනක් කිසිම දෙයක් තිබුන් නැත්තෙ. ඉතිං ලංකාවේ ඉදගෙන වැඩේ කරන්ඩ තිබ්බනෙ.
එහෙනම් නියමෙට තියෙයි. මම එක නිව්ස් එකක් අප්ලෝඩ් කරනකොට සුදු වෑන් එකක් මාව ඩවුන් ලෝඩ් කරයි.
ඔව්. ඒකත් ඇත්ත.
ඉතිං මොනවද තොරතුරු පොලීසිය පැත්තෙ?
තොරතුරු නම් බොහොමයි. මේ ළඟදි අපේ ලොකු සර් කොටුවක් පනින්න ගිහිල්ලා මාට්ටු උනානෙ.
කවුද ලොකු සර් කියන්න.?
අපේ HQI අනුරුද්ධ බණ්ඩාරනායක මහත්තය
ආ ඔය කියන්නෙ අර නුවර හිටපු ගම් බට්ටා නේද?
ඔව්... ඔව්..... මෑන් තමයි.
මෑන් මාර පන්දම් කාරය නේද? කී දෙනෙක්ගෙ බෙලි කපලද ඔතන්ට ආවෙ?
මොනව කියනව ද? පොලීසියෙ ලොක්කන්ගෙයි ඇමතිවරුන්ගෙයි ටොයිලට් උනත් හෝදයි යුනිෆෝම් පිටින්. එච්චරටම චාටර් පොරක්.
කාටද මාට්ටු උනේ කොටු පනින්න ගිහිල්ල?
කාටද ඉතිං වයිෆ්ට මිසක්. ඒ මනුස්සය අඬාගෙන IGP හම්බවෙන්න ගියා. පැමිණිලි කරන්න.
ඉතිං? මෑන් ගෙ වැඩ තහනම් කරාද?
IGP කලේ මේක ඉන්කුවරි කරන්න කියල DIG අනුර සේනානායකට භාර දුන්න එක.
ඉතිං ඉන්කුවරි කලා ද?
මොන ඉන්කුවරිද? නරියට කුකුල්ලු බාර දෙනව කියන්නෙ ඕක තමයි.
ඒ කියන්නෙ.?
DIG අනුර සේනානායකට හොර කොටු පනින්න උදව් කරන්නෙ අපේ HQI. අනුර සේනානායකගෙ සේරම හොර ගෑණු ගැන දන්නෙ අපේ HQI. ඉතිං. DIG අපේ HQI ට විරුද්ධව මෙලෝ දෙයක් කරයිද?
ඉතිං HQI ගෙ වයිෆ්ට පුළුවන්නෙ ආයිත් IGP ට පැමිණිලි කරන්න. එහෙම නැත්තන් ජනාධිපති හම්බවෙලා මේ ගැන කියන්න.
මොනව ජනාධිපති? තමුසෙට පිස්සුද පැපා? පැමිණිල්ල කරන්න ඕනෙ ජනාධිපතිට නෙමෙයි ජනාධිපති ආර්යාවට. එතකොට ඒ මනුස්සය කියයි ‘අනේ ඔයාට විතරක් නෙමෙයි ඔය ප්‍රශ්නෙ මටත් තියනව කියල'
හහ් හා ... ඒකත් ඇත්ත. දෙන්නම එක බෝට්ටුවෙ.
වැඩේ මාට්ටු වෙච්ච දවසේ ඉදලා DIG මහත්තය අපේ HQI ගෙන් අම්බානට වැඩ ගන්නව. පොලීසියෙ වැඩ නෙමෙයි. අන්තප්පුර කටයුතු. ඕකේ පැපා. තව සතියකින් දෙකකින් තව නිව්ස් ටිකක් දෙන්නම්. සී යූ බායි....
සී යූ සාජන් මහත්තයා