‘‘ලන්ඩන් ගියාම බබාලා නෝනිස් අංකල්ගෙ ගෙදර නවතින්න එපා’’ - ශිරන්තිගෙන් අවවාදයක්

10 April, 2013 | | |

පසුගියදා ලන්ඩන්නුවර පැවැති ඔලිම්පික් තරගය ආසන්නයේ ලන්ඩන් පැමිණි ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ නැවත ශී‍්‍ර ලංකාවට පැමිණි වහාම තම පුතුන් තිදෙනා කැඳවා අපූරු අවවාදයක් දුන් බව ‘පැපරාසියා’ට වාර්තා වේ.

නිතර ලන්ඩන් යන එන තම පුතුන් තිදෙනා අකරතැබ්බයකට පත්වේ යැයි සිතා ඇය මේ අවවාදය ඔවුන්ට දී තිබේ. ලෝකෙ කාලා වතුර බීපු නසරානීන් දෙදෙනෙකු වන නාමල් හා යෝෂිත
ගැන බියක් ශිරන්තිට නොවූවත් ඇයගේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ හුරුබුහුටි පෙනුමකින් යුතු කාගේත් සිත් ගන්නා චිචී බබා (රෝහිත් රාජපක්‍ෂ) කෙරෙහිය.

ජනාධිපති ආර්යාවට මෙසේ තම පුතුන් තිදෙනාට අවවාද කිරීමට හේතු වී ඇත්තේ ඇයගේ ලන්ඩන් චාරිකාවේදී ඇය ලද එක්තරා අත්දැකීමක් නිසාය.

එම අත්දැකීම කවරේදයත් දැනට ලන්ඩන්නුවර ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මහකොමසාරිස් දුරන්ධර කි‍්‍රස් නෝනිස් (මොහු සුද්දෙක් යැයි වරදවා වටහා නොගන්න. සුද්දන්ගේ නමක් දාගත්තට මොහුගේ නම කි‍්‍රෂාන්ත නිකලස් නෝනිස්ය.) ජනාධිපතිගෙන් වැඩි ලකුණු ගැනීම සඳහා ජනාධිපති ආර්යාව සතුටු කිරීමට ඇයට ඇගේ විවිධ ව්‍යාපෘති සඳහා බෙදාදීමට බි‍්‍රතාන්‍ය පවුම් දහස් ගණනක සෙල්ලම් බඩු තොගයක් මිලදී ගෙන දී තිබේ. මෙයින් ඉතා සතුටට පත් වී ඇති ජනාධිපති ආර්යාව තවත් සතුටු කිරීම සඳහා කි‍්‍රස් නෝනිස් මහකොමසාරිස්වරයා රාතී‍්‍ර කෑමකට ජනාධිපති ආර්යාවට ඇරයුම් කොට ඇත.

මහකොමසාරිස්වරයාගේ ආරාධනාව පිළිගෙන ඔහුගේ නිවසට ගොස් ඇති ආර්යාවට එම නිවසේදී අත්විඳින්නට සිදු වූ එක්තරා සිද්ධියක් හේතු කොට ගෙන කි‍්‍රස් නෝනිස් මහතා තනිකඩව සිටීමේ රහස හෙළිදරව් වී ඇත. ඉතා ශිෂ්ඨසම්පන්න ගැහැනියක් වන ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ එම සිද්ධිය නොදුටුවාක් මෙන් සිට හැකි ඉක්මනින් එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.

පිට මිනිසුන්ගේ තබා තමන්ගේ සැමියා වන ජනාධිපතිවරයාගේ පෞද්ගලික ජීවිතයට පවා එබී නොබලන ශිෂ්ඨසම්පන්න කාන්තාවක් වන ශිරන්ති, යම් හෙයකින් ලන්ඩන් ගිය අතරතුර තමන්ගේ පුත‍්‍රයින් හට යම් අනතුරක් වේදැයි සිතා ඔවුන්ට කි‍්‍රස් නෝනිස් පිළිබඳව අනතුරු ඇඟවීමක් කිරීමට අරමුණු කර ගෙන ඇත.

මවගේ අවවාදය එතරම් ගණන් නොගත් නාමල් හා යෝෂිත එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති අතර, මවගේ සුරතලා වන චිචී බේබි පමණක් අම්මාට සවන් දී සිට ඇත. පහත පළ වන්නේ ඔවුන් දෙදෙනාගේ සංවාදයයි.

ජනාධිපති ආර්යාව - දැන් තේරුණා නේද චිචී..... මීට පස්සෙ ලන්ඩන් ගියාම නෝනිස් අංකල්ගෙ ගෙදර නවතින්න  ඕනෙ නෑ. මම සල්ලි දෙන්නම් ඔයා ඩෝචෙස්ටර් හෝටලයේ නවතින්න.

චිචී බබා - ඇයි අම්මි....නෝනිස් අංකල් එහෙම අප්සට් කෙනෙක් නෙමේනෙ.

ජනාධිපති ආර්යාව - බබා කියන දේ අහන්න. ඔයා තාම චූටියි. ඔයාට තේරෙන්නේ නෑ. මීට පස්සේ නෝනිස් අංකල්ගෙ ගෙදර එහෙම යන්නෙ නෑ.

චිචී බබා - වයි අම්මි..... වට් ඊස් ද රීසන්?

ජනාධිපති ආර්යාව - නෑ නෑ ඔයාට හේතුව වැඩක් නෑ. ඔයා මං කියන විදියට වැඩ කරන්න.

චිචී බබා - මට හේතුව කිව්වෙ නැත්නම් මං නෝනිස් අංකල්ගෙ ගෙදර යනවා. අනේ නෝනිස් අංකල් කොච්චර ස්විට්ද?

චිචී බබාට මෙය පැවසිය යුතු ආකාරය පිළිබඳව මඳක් සිතා බලා ඇති ජනාධිපති ආර්යාව, නැවතත් ඔහු දෙසට හැරී....

ජනාධිපති ආර්යාව - හේතුව තමයි චිචී බබා.... නෝනිස් අංකලූත්.....රනිල් අංකල්...මංගල අංකල් වගේ.

චිචී බබා - ඒ කියන්නේ අම්මි රනිල් අංකල්, මංගල අංකල් වගේ නෝනිස් අංකලූත් අපිට පොලිටිකල් ත්‍රෙට් එකක්ද? (දේශපාලන තර්ජනයක්)

ජනාධිපති ආර්යාව - නෑ නෑ. නෝනිස් අංකල් පොලිටිකල් ත්‍රෙට් එකක් නෙමේ. සෙක්ෂුවල් ත්‍රෙට් එකක් විතරයි. (ලිංගික තර්ජනයක්)

චිචී බබාට කාරණය වැටහී ඇත්තේ ඉන් පසුවය.