නව අවුරුදු උදාව ජනපතිට සුබයි - රටට අසුබයි !
21 December, 2012 | | |
සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට පිවිසෙමින් උදා වූ නව අලූත් අවුරුද්ද ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරයාට සුබඵල සහිත එකක් වන අතර, ශී‍්‍ර ලංකාවට අසුබ එකක් බව ‘පැපරාසියා’ගේ ජ්‍යොතිෂ්‍ය මතයයි.
අලූත් අවුරුද්දේ ආහාර අනුභවයේ සහ වැඩ ඇල්ලීමේ නැකතේදී ජනාධිපති ආර්යාව ජනාධිපතිවරයාට කැවූ කිරිබත් කටින් මඳක් ගිලිහී වැටීම සහ ආර්යාව විසින් ඉතිර වූ කිරි මුට්ටිය ඉතිරී නොයෑම රාජපක්‍ෂවරුන්ට අසුබඵල ගෙන දෙන්නක් බවට මාධ්‍යකරුවන් පුන පුනා කීවද, එය එසේ නොවන බව ‘පැපරාසියා’ ප‍්‍රත්‍යක්‍ෂ වශයෙන්ම දනී.
එය එසේ වන්නේ, මීට කලින් අවුරුද්දක ජනාධිපති ආර්යාව විසින් කැවූ සම්පූර්ණ කිරිබත් කටම ගිලිහී වැටුනද, ජනාධිපතිවරයාට මෙලෝ හත්තිලව්වක්වත් නොවී එම වසර යහපත් අයුරින් ගත කිරීමට හැකි වූ නිසාය. එමෙන්ම, ජනාධිපතිවරයා හා ආර්යාව ඇතුළු මුළු පවුලටම කිරි ඉතිරුනේ 2005 වසරෙන් අනතුරුවය. එම නිසා අලූතෙන් ඉතිරෙන්නට කිරි මුට්ටියේ නැත. නමුත් එසේ ඉතිරුනු කිරි ලොව පුරා බැංකුවල තැන්පත් කර තිබේ. එම කිරි පරම්පරා හතකට නොව, දාහතරකට වුවද සෑහේ.
විරුද්ධ මතධාරී ජනමාධ්‍යකරුවන් බලා සිටින්නේ ජනාධිපතිවරයාට හා පවුලට කෙළවනකන්ය. ජනාධිපතිවරයා 2010 ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදීමට ගියදා ඔහු ගමන් කළ රථයට බළලෙකු හසු වී මියයාම ජනාධිපතිවරයාට ඉමහත් අසුබ බව එම දිනවල මාධ්‍යවල පළ විය. දැන් වසර තුනකට ආසන්න කාලයක් ගත වුවත්, ජනාධිපතිවරයා අපූරුවට සිටී. අපලය සිදු වුණේ අසරණ බළලාටය.
පසුගිය හලාවත මුන්නේෂ්වරන් කෝවිලේ වාර්ෂික ඇසළ උත්සවයේදී සිට වූ කප් ගස කඩා වැටීම ජනාධිපතිවරයාට තදබල අපල ගෙන දෙන්නක් බවත්, එසේ සිදු වූ 1992 වසරේදී එවකට ජනාධිපතිව සිටි ආර්. පේ‍්‍රමදාස මහතා 1993 මැයි 01 වනදා ඝාතනය වීම මගින් එය සනාථ වූ බවත් කියැවේ. නමුත් ග‍්‍රහචාරයේ වුව කනෙන් රිංගා යාමට හැකියාවක් වත්මන් ජනාධිපතිවරයා සතුව පවතී.
වත්මන් ජනාධිපතිවරයා 1995 වසරේ තම 50 වන ජන්ම දිනය ආසන්නයේ සුප‍්‍රකට ඉන්දීය නක්‍ෂත‍්‍රකරුවකු ලවා තම ජන්ම කේන්දරය පරික්‍ෂා කරගත් අවස්ථාවේදී, එම නක්‍ෂත‍්‍රකරුවා පවසා තිබෙන්නේ ‘‘මහත්තයාගේ ජීවිතයේ හොඳම කාලය උදා වෙන්නේ අවුරුදු 60 න් පසුව බවත්, මහත්තයාගේ හොඳ කාලය උදා වන විට ඊට ප‍්‍රතිවිරුද්ධව රටට අයහපත් කාලයක් උදා වන බවත්, ප‍්‍රභාකරන්ට ඊටත් වඩා අයහපත් බවත්’’ය.
මෙම ඉන්දීය නක්‍ෂත‍්‍රකරුවා ජනාධිපතිවරයාට 1995 වසරේදී මෙම අනාවැකිය පළ කරන අවස්ථාවේදී ජනාධිපතිවරයා හා එකට වුන් පුද්ගලයා මේ වන විට පදිංචිව සිටින්නේ ඇමරිකාවේය. ඔවුන් දෙදෙනා අතර මිත‍්‍රත්වයක් දැන් නොමැත. එම පුද්ගලයා ‘පැපරාසියා’ට පවසා සිටියේ, නක්‍ෂත‍්‍රකරු ජනාධිපතිවරයාට දුන් එකම අවවාදය ‘‘අතේ හැන්ද තිබුණු පලියට බෙදාගෙන ඕනවට වඩා කෑමට ගොස් විශාල අමාරුවක වැටීමට සිදුවිය හැකි බවත්, එම නිසා තමන්ගේ බඬේ ප‍්‍රමාණයට පමණක් අනුභව කරන ලෙසයි.’’
‘පැපරාසියා’ අලූත් අවුරුද්දේ ජනාධිපතිවරයාට මතක් කර දෙන්නේ, 1995 වසරේ ඉන්දීය නක්‍ෂත‍්‍රකරුවා දුන් අගනා අවවාදයයි. කෙසේ වුවද ‘පැපරාසියා’ට පුවත් මවමින් තම සිතැඟි අනුව ජීවත් වන ජනාධිපතිවරයාට සහ සිය පවුලට තවත් එසේ පුවත් මැවීමට හැකි අලූත් අවුරුද්දක් ප‍්‍රාර්ථනය කර සිටියි.