සියලූම කුඹුරු මිලදී ගත් සිල්වා සහෝදරයින් පාත කුඹුරත් මිලදී ගනියි

02 April, 2012 | | |

ලංකාවේ සියලූම අස්වද්දන, කරල් පැහෙන කුඹුරුවලින් සියයට 90 ක් පමණ අයිති කරගෙන සිටින දුමින්ද සිල්වා සහ රේනෝද සිල්වා සහෝදරයින් පසුගියදා මිලට ගත් කුඹුරක් පිළිබඳව ‘පැපරාසියා’ට වාර්තාවේ.
මෙම කුඹුර නම්, ජනපි‍්‍රය මෝස්තර නිරූපිකා සහ ටෙලි නිලි බියංකා පාතකුඹුර ගේ පහත කුඹුරයි.

මෙම කුඹුර මීට කලින් අඳගොවීන් කිහිපදෙනෙක් විසින් අස්වද්දා ඇති අතර, රේනෝ විසින් සිය මැර සහෝදර දුමින්ද මන්තී‍්‍රවරයා අනුගමනය කරමින්, එම ගොවීන් පළවා හැර පසුගියදා සිට පාතකුඹුර සී සෑමට පටන් ගෙන තිබේ.

අනුන්ට අයිති කුඹුරු දේශපාලන බලපුළුවන්කාරකම් පෙන්වමින් තමන්ගේ පරිභෝජනයට ගන්නා ‘සිල්වා සහෝදරයින්’ කොපමණ කලක් මෙම කුඹුර තම සන්තකයේ තබා ගනීවිදැයි සැකයක් පවතින අතර, ඔවුන් විසින් මේ වනවිට අස්වද්දා අත්හැර දැමූ කුඹුරු අතරට පාතකුඹුරත් එක්වනු ඇතැයි කලා ලෝකයේ මතයයි.