මාලනී අක්කගේ කොල්ලා කොල්ලෙක් එක්ක පැනල ගිහින්

02 April, 2012 | | |

හෙල සිනමාවේ අගරැජිනි එක්සත් ජනතා සන්ධානයෙන් පත්කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී මාලනී ෆොන්සේකා මහත්මියගේ ‘අලූත්ම බඩියා’ වන චන්දික නානායක්කාර මේ වනවිට මාලනී අක්කාට සොයාගැනීමට නොහැකි ආකාරයට අතුරුදහන් වී ඇති බව ‘පැපරාසියා’ සංවේගයෙන් වාර්තා කරනු ලැබේ.
මුලින්ම සහාය වේෂනිරූපන ශිල්පියෙකු ලෙස මාලනී ෆොන්සේකා දැනහැදිනාගත් චන්දික නානායක්කාර, පසුව ඇයට ඇප උපස්ථාන කිරීම සඳහා යොදාගෙන තිබේ. මුලදී චන්දික මාලනීට ඇප උපස්ථාන කළ අතර පසුව මාලනී චන්දිකට ඇප උපස්ථාන කිරීමට පටන්ගෙන ඇත.

මාලනී ෆොන්සේකාට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක් වශයෙන් හිමිවූ වාහන පර්මිට් එක විකුණා ඇය විසින් ‘චන්දික බඩියා’ට මාලඹෙන් රුපියල් ලක්ෂ 26 කට පර්චස් 20 ක ඉඩමක් මිලටගෙන දී තිබේ. ඊට අමතරව ඇයගේ පිහිටෙන් චිත‍්‍රපට හා ටෙලිනාට්‍යවල සහාය නළුවාගේ සහාය නළුවා චරිතය (3rd Role) රඟපෑමට චන්දික බඩියාට හැකිවී ඇත.

පසුගිය සුමති ටෙලිනාට්‍ය උළෙලේ ජනප‍්‍රිය නළුවාට හිමි සම්මානය ‘චන්දික බඩියා’ දිනාගෙන ඇත්තේ මාලනී අක්කාට පිං සිද්ධවන්නටය. එම සම්මාන උළෙලේ ජනප‍්‍රියම නළුවා ලෙස ‘බොඳ මී¥ම්’ ටෙලිනාට්‍යයේ සාරංග දිසාසේකරත් දෙවන ස්ථානයට ‘සිහින පියාපත්’ ටෙලි නළුවේ මේනක රාජපක්ෂත් තෙවන ස්ථානයට ‘රන් සමනල්ලූ’ ටෙලි නාට්‍යයේ රොෂාන් රණවනත් තේරී සිට ඇති අතර මාලනී අක්කා විසින් විනිශ්චය මණ්ඩලයේ සභාපති ඒ.ඞී. රංජිත් කුමාරට පගාවක් දී තිලංග සුමතිපාල හරහා බලපැම් කරමින් කූපන්පත් පුරවා ‘චන්දික බඩියා’ ජනප‍්‍රියම නළුවා කර තිබේ.

මාලනී අක්කා විසින් නහින දෙහින කාලේ තමා බලාකියා ගැනීමට හදාගත් බලූකුක්කා මේ වනවිට තවත් බලූකුක්කෙකු සමග හාදවී පවුල්කන බව මාලනී අක්කාට ආරංචි වී ඇය මේ දිනවල ‘පරණ ලව් සෝංග්’ ගායනා කරමින් සිටින්නීය.

පිටපිට පස්වතාවක් පමණ ජනතා සම්මානයට (Peoples Award) පාත‍්‍රවූ මාලනී ෆොන්සේකාට මේ වසරේ එම සම්මානයද අහිමී ඇති අතර මේ සියලූ දේ ගැන අසා දැනගනිමින් ෆුල් ආතල් එකක් ගන්නේ මාලනී අක්කාගේ හිටපු සැමියෙකු වන ජනප‍්‍රිය නළු ලකී ඩයස් මහතාය. මේ දිනවලදී ඔහු කලාලොවේ විවිධ සාදයන්ට පැමිණ ‘‘මට කරපු දේට  ඕකිට ඔහොම වෙලා මදි’’ යැයි කියමින් ෆුල් ආතල් එකේ සිටින බව ‘පැපරාසියා’ට තවදුරටත් වාර්තා වේ.