ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් සහ ‘ලක්බිමනිව්ස්’ කර්තෘ ජිනීවා ‘බඩු පොට්’ එකකදී සුද්ද කරලා

02 April, 2012 | | |

ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂක ජෙනරාල් බන්දුල ජයසේකර සහ ‘ලක්බිම නිව්ස්’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ රාජ්පාල් අබේනායක පසුගියදා ස්විස්ටර්ලන්තයේ ජිනීවා හිදී සුප‍්‍රකට ‘බඩු පොට්’ එකකදී සුද්දය දමා ඇති බව ‘පැපරාසියා’ සද්දකර වාර්තා කරනු ලැබේ.
මේ දිනවල ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල 19වන සැසිවාරයේ ප‍්‍රවෘත්ති ආවරණය සඳහා ගොස් තිබෙන මෙම මාධ්‍ය ඩබල පසුගිය හැන්දෑවක හීනි අඩියක් ගැසීමෙන් අනතුරුව ආතල් එකක් ගැනීමට පිටතට යාමේදී මෙම අකරතැබ්බයට ගොදුරුවී තිබේ.

‘බඩු පොට්’ එකේ නාඹර සුදු ගැටිස්සියන් විසින් මොවුන් දෙදෙනාට තවත් ‘වොඞ්කා’ පානය කිරීමට පොළඹවා ඇති අතර පසුව දෙදෙනාගේම කලිසම් දෙක මුදල් පසුම්බි සමග ගලවාගෙන ගොස් තිබේ. පදමට වෙරි වී සිටි මොවුන් දෙදෙනා තමන්ගේ කලිසම් නැතිවී ඇති බව දැනගෙන ඇත්තේ සිහිය ආවිටය. බලවත් පෙරැත්ත කිරීමෙන් අනතුරුව නැවතත් කලිසම් දෙක ලබාගෙන ඇති මාධ්‍ය ඩබල එහි තිබූ තමමුදල් පසුම්බි අතුරුදන් වී ඇති බව දැනගෙන ඇත්තේ ඉන් පසුවය.

මෙම මුදල් පසුම්බිවල තිබී මොවුන් දෙදෙනාගේ ශ‍්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පත්, මාධ්‍යවේදී හැඳුනුම්පත්, ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඇමෙරිකානු ඩොලර් නැතිවී ඇති අතර ලබාගත් ආතල් එක වෙනුවෙන් ‘බඩු පොට්’ එකට ගෙවිය යුතු මුදල් පවා ගෙවීමට අපේ ගරු මාධ්‍ය ඩබලට නොහැකිවී තිබේ.

පසුව ‘ලක්බිම’ සිංහල පුවත්පතේ මාධ්‍යවේදියෙකුගේ දුරකථනයට කෙසේ හෝ කතාකොට ඇති මොවුන් දෙදෙනා වහා පැමිණ මුදල් ගෙවා ඔවුන්ව බේරාගෙන යන ලෙස බැගෑපත්වී තිබේ. තම ප‍්‍රධානීන් පිළිබදව දුක සිතුනු ‘ලක්බිම’ මාධ්‍යවේදීයා එහි ගොස් අදාල මුදල් ගෙවීමෙන් අනතුරුව මොවුන් දෙපල නැවතී සිටි හෝටලයට රැගෙනවිත් තිබේ.

පසුදිනයේ මොවුන් දෙදෙනා ලංකාවේ බැංකුවලට කතාකරමින් තමන්ගේ ක්‍රෙඩිට් කාඞ්පත් අවලංගු කිරීමට උපදෙස් දෙනු දුටු අනෙක් මාධ්‍යවේදීන් අසා ඇත්තේ ඔවුන්ගේ මුදල් පසුම්බි නැතිවූයේ කෙසේද යන්නයි. එවිට ඔවුන් පවසා තිබෙන්නේ පෙරදින රාත‍්‍රියේ එළියට ගිය වේලාවේදී ‘ජිනීවා වල කොටි කණ්ඩායමක්’ තමන්ට පහරදී මුදල් පසුම්බි උදුරාගත් බවයි. ඒ පිළිබදව වහාම පොලීසියට දන්වන ලෙස අනෙක් මාධ්‍ය සගයින් ඔවුන්ට පවසා ඇතත් මොවුන් කියා ඇත්තේ ඔවුන් හට අනතුරක් නොවුන නිසා පොලීසියට කීමට අවශ්‍ය නැති බවයි.

කැනඩාවේ සිටි කාලයේ සිට ‘බඩු පොට්’ වලට ‘ටැක්ස්’ ගෙවීම බන්දුල ජයසේකර අධ්‍යක්ෂක ජෙනරාල් තුමාගේ විනෝදාංශයක්ව පැවති අතර එහිදී ලැබුනු පඩියෙන් භාගයක් වියදම් වී ඇත්තේ ‘ටැක්ස්’ ගෙවීම සඳහා බව ජනාධිපති මාධ්‍ය අංශයේ මොහුගේ සතුරාවන විජයානන්ද හේරත් මේ සිද්ධිය දැනගැනීමෙන් පසුව පවසමින් සිටී.

මසකට වරක් ජනාධිපති පවත්වනු ලබන පුවත්පත් කතුවරුන්ගේ ‘ආප්ප පාටියේදී’ මාධ්‍යවේදීන් අත්අඩංගුවට නොගැනීම පිළිබදව ජනාධිපතිවරයාට දොස් නගා ඇති රාජ්පාල් අබේනායක මෙම සිද්ධියෙන් අනතුරුව ලංකාවේ සිටින තම මිතුරෙකුට දුරකථනයෙන් පවසා ඇත්තේ ‘‘අඩියක් ගහලා නිදියගන්න මට මේ මෝල්කලන්ත බන්දුලයා කරපු වැඬේ බලපන්කෝ’’ කියාය.