රජය ඩොලරයකට ගෙවන ගණන තවත් වැඩිකරන බව එස්.බී කියයි

02 March, 2012 | | |

පසුගිය දා තම ඡන්ද කොට්ඨාශයවන හගුරන්කෙත ප‍්‍රදේශයේ ජනහමුවක් අමතා ඇති උසස් අධ්‍යාපන අමාත්‍ය, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වානිජවේදී ගෞරව උපාධිධාරී එස්.බී. දිසානායක මහතා
‘‘වර්තමාන රජය පැවති රජයන්ට වඩා ගම්බද ජනතාව විවිධ රටවල්වලට ගොස් දුක්මහන්සියෙන් හරිහම්බකොට ලංකාවට එවන සෑම ඩොලරයකටම වැඩි රුපියල් ප‍්‍රමාණයක් ගෙවන බව’’ පවසා තිබේ.

මෙම ජන හමුවේදී වැඩිදුරටත් කරුණු දක්වා ඇති උසස් අධ්‍යාපන ඇමතිවරයා මහින්ද රාජපක්ෂ රජය ඉදිරියේදී ඩොලර් එකකට රුපියල් 130ක් ගෙවීමට කටයුතු කරන බවත්, චන්ද්‍රිකාගේ රජය පැවති සමයේ ඩොලර් එකකට ගෙවනු ලැබුවේ රුපියල් 99 ක් බවත්, එය රනිල්ගේ කාලයේදී තවත් අඩුවූ බවත්, නමුත් ජනතාවට සෑම අතින්ම පහසුකම් සපයාදෙන රාජපක්ෂ රජය රුපියල් 113 සිට රුපියල් 130 දක්වා ඩොලරයකට ගෙවීමට සූදානම් බවත්, නැවතත් වෙනත් රජයක් බලයට පත්කොට එසේ ගෙවන රුපියල් ප‍්‍රමාණය අඩුකර නොගන්නා ලෙසත් හගුරන්කෙත ජනතාවගෙන් ඉල්ලා තිබේ.

මිනිසුන්ව ගොනාට ඇන්ඳවීමේ ආචාර්ය උපාධිය ගරු උසස් අධ්‍යාපන ඇමතිතුමා හට ලබාදෙන ලෙස ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති කන්‍යාරත්න මහතාගෙන් ‘පැපරාසියා’ ඉල්ලා සිටී.