සියඹලාපිටිය කුස්සිඅම්මාගේ රසබලද්දී ඉන්දික ගෙටපනී

02 March, 2012 | | |

රාජසිංහ පරපුරේ අවසාන පුරුක ලෙස පෝස්ටර් ගසාගෙන පාර්ලිමේන්තුවට තේරීපත්වූ විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ කැබිනට් අමාත්‍ය බස්නායකරාලලාගේ රංජිත් සියඹලාපිටිය ගෙදර සර්වන්ට්ගේ රසබලමින් සිටියදී බිරිඳට මාට්ටුවූ රසබර පුවතක් ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.

දිනක් මැදියම් රැයේ ඇහැරී ඇති අමාත්‍ය සියඹලාපිටියගේ බිරිඳ සිය සැමියා නිදියහනේ නැති බව දැනගෙන විපරම් කිරීම සඳහා පහතමාලයට පැමිණි විට ඇමතිවරයා උපන් ඇඳුමින් ගෙදර කුස්සිඅම්මා සමග කටට රහට කෑම වේලක් වළදන ආකාරය අතටම හසුකරගෙන තිබේ.

සිද්ධියෙන් තදබල ලෙස කෝපවී ඇති ඇමති බිරිඳ සිය පවුලේ අය සමග පවසා ඇත්තේ ‘‘මාව හරිනැත්තන් අඩුගානේ ඔය ටෙලි නිලියක් එක්ක හරි යන්න තිබ්බනේ.  ඕන තරම් ඇමතිවරු නිලියොත් එක්ක නිදියගන්නේ. මේ බූරුවා එහෙම කරානම් මට කියන්න පුලූවන් මගේ හස්බන්ඞ් අහවල් නිලියත් එක්ක සම්බන්ධකමක් පවත්වනවා කියලා. ඉකේ මේ මිනිහට ලැජ්ජා නැද්ද? ගෙදර සර්වන්ට් එක්ක නිදියන්න’’ කියාය.

මෙසේ කියා නොනැවතුනු ඇමති බිරිඳ ඇමතිවරයාගෙන් පලිගැනීම සඳහා ඔහුගේ හොදම මිතුරාවන හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වී.කේ. ඉන්දික සමග ප‍්‍රසිද්ධියේම සම්බන්ධතාවයක් ආරම්භ කොට තිබේ. ඇමතිවරයා මිතුරාටත් බිරිඳටත් රිසිසේ හැසිරීමට ඉඩහැර කුස්සිඅම්මා සමග පෙරපුරුදු විදිහට කටට රහට හොරෙන් කෑම සප්පායම් වේ.

වී.කේ. ඉන්දික මන්ත‍්‍රීවරයාගේ නිවසට මෙම සම්බන්ධතාවය ඉව වැටී ඇති අතර ඔහුට මෙම සම්බන්ධයෙන් ගැලවීමට මගක් නොමැති හෙයින් මේ දිනවල ඔහු උදේ සිට ? දක්වා ‘තිතට මත’ ක‍්‍රියාත්මක කරයි. පාර්ලිමේන්තුවේ සිටිනා වෙලාවේදී පාර්ලිමේන්තු රථගාලට නිතරම පැමිණෙන ඉන්දික මන්ත‍්‍රීවරයා සිය රථයේ තබා ඇති බෝතලයෙන් නිතරම සප්පායම් වේ. ඉදහිට යාලූ මන්ත‍්‍රීවරයෙක් සමග පැමිණ ඔහුටත් ෂොට් එකක් පිරිනමමින් තමන්ට සිදුවූ අකරතැබ්බය ඔවුන්ට පවසයි. එය අසාසිටින මන්ත‍්‍රීවරුන් වී.කේ. ඉන්දික මන්ත‍්‍රීතුමාට පවසන්නේ ‘‘යකෝ සියඹලාපිටිය බොන්න  ඕන එකේ උඹ බොන්නේ මොකටද?’’ කියාය. ඊට පිලිතුරු වශයෙන් ඉන්දික මන්ත‍්‍රීවරයා පවසන්නේ ‘‘ඌට නම් සර්වන්ට් හරි ඉන්නවා. මට උගේ ගෑණිත් නෑ. මගේ ගෑණිත් නැහැ’’ කියාය.