සුනන්ද ජනාධිපතිගේ කකුලටත් කෙලී !

02 March, 2012 | | |

ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ලට සම්පූර්ණ ලිපියක් ලියා ඔහුගේ කකුල් දෙකම කඩා දැමූ ‘සුනන්ද දේශප‍්‍රිය’ පසුගිය සතියේ
‘‘රාජපක්ෂ පඩුපුල් අසුන රත්වන්නේ උණු ලේ වලින් විතරද?’’ යන ලිපිය ලියා දින දෙකක් ඉක්මගිය පසු ජනාධිපතිවරයා ඊයේ දවල් හිටි අඩියේම අරලිය ගහ මන්දිරයේ ඇදවැටී කකුලක් උලූක්කුවී තිබේ.

මෙසේ ඇඳවැටුනු සැනින් සුනන්දව මතක් වී ඇති ජනාධිපතිවරයා කකුලට වෛද්‍යවරුන් ප‍්‍රතිකාර කරන අතර තුර සුනන්දගේ ජිනීවා දුරකථන අංකය සොයාගැනීම සඳහා ඔහුගේ සොහොයුරාවන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රියට කතාකොට ඇති අතර මැතිවරණ කොමසාරිස්වරයා ඊයේ (22) කාර්යාලයට පැමිණ නොසිටි අතර ආවිගසින් තමා අමතන්නැයි ජනාධිපතිවරයා පනිවිඩයක් තබා තිබේ.

සුනන්දගේ සම්පූර්ණ ලිපිය මෙතනින් කියවන්න.
රාජපක්ෂ පඩුපුල් අසුන රත්වන්නේ උණූ ලේ වලින් විතරද? - සුනන්ද දේශප්‍රිය