‘‘මැරවැඩනම් කියන්න එපා සර් දැන්ඉන්නේ ගෑණියි ළමයි දෙන්නයි විතරයි’’ මර්වින් ජනාධිපතිට කියයි

04 February, 2012 | | |

මේ දිනවල ‘ෆුල් නියුට‍්‍රල්’ එකේ සිටින ඇමති මර්වින් සිල්වා පසුගිය දිනෙක ජනාධිපතිතුමා හමුවූ විට ‘‘දැන්නම් මැරවැඩ කරන්න කියන්න එපා සර් වටේ හිටපු කොල්ලෝ සෙට් එකම මාවදාලා පනබේරගන්න පිටරටවල්වලට පැනලා. දැන් ඉතුරුවෙලා ඉන්නේ ගෑනියි ළමයි දෙන්නයි විතරයි. ලඟදිම මම කොල්ලවත් පිටරට යවන්නයි ඉන්නේ’’ යනුවෙන් පවසා ඇති බව ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.

මේ දිනවල උතුරු දකුන මාරුවී හෙවනැල්ල දිහාත් සැකයෙන් බලන මර්වින් සිල්වා යන එන හැම තැනකම පවසන්නේ ‘‘මම දැන් කටඅරින්නේ බත්කන්ඩයි, ඈනුම් අරින්නයි විතරයි’’ කියාය.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා දේශපාලනයට පැමිනි දා සිටම ඔහුගේ හැම මැර වැඩකටම සහභාගී වූ ‘‘බෙලිඅත්තේ චන්ඩි මල්ලී’’ කොළඹ කොටුව අධිආරක්ෂක කළාපයේ පොලිස් මූලස්ථානය ඉදිරිපිට ඔළුවට වෙඩිතබා ඝාතනය වූ ආකාරය මේ දිනවල නිතරම සිහිනෙන් දකින මර්වින් සිල්වා ඒ පිළිබදව තම බිරිඳටත් ලඟම මිතුරන්ටත් පවසන්නේ වෙව්ලන කටහඩකින් බව තවදුරටත් වාර්තා වේ.

රාජපක්‍ෂවරුන්ගේ කල්කිරියාව පිළිබදව හොදින් දන්නා මර්වින් සිල්වාට දෑස පියාගත් සැනින් සොහොන් කොත් පෙනෙන නිසා දන්න කියන හැමදේවාලයක්, බෝගසක් අසලට ගොස් සෙත්කවි කියා තම ජීවිතය රැකදෙන ලෙස ඉල්ලමින් සිටී.  ඕනෑම පුද්ගලයෙකුගේ දුරකථන ඇමතුමකට  ඕනෑම වෙලාවක පිළිතුරුදීමේ හොදගතිය ඇතිව සිටි මර්වින් මේ වනවිට දුරකථනයට පිලිතුරු දෙන්නේද ඉදහිට බව පැපරාසියාට වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ අතීතයේ සිට මේ දක්වා දේශපාලන පැටිකිරිය ‘පැපරාසියා’ හොදින් දන්නා නිසා මර්වින් සිල්වාට දෙවිපිහිටම ලැබේවායි ප‍්‍රාර්ථනය කර සිටී.