හම්බන්තොට නගරාධිපතිට ‘පැපරාසියා’ගෙන් සුභපැතුම්

04 February, 2012 | | |

හම්බන්තොට නගරසභාවේ පළමුවැනි නගරාධිපති ධූරයට පත්වූ එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා මේ වනවිට සියලූම අපතවැඩවලින් මිදී යහපත් ජිවිකාවක් අරඹා ඇති බව ‘පැපරාසියා’ට වාර්තා වේ.

‘ස්ටාර් ඩස්ට්’ කැසිනෝ ශාලාවේ යාවජීව සාමාජිකයෙකු වූ හම්බන්තොට නගරාධිපතිතුමා ඔහුගේ පිලිගැනීමේ උළෙලට එළිවනතෙක් කැසිනෝ ක‍්‍රීඩාකරමින් සිට ගියආකාරය ‘පැපරාසියා’ වාර්තා කිරීමෙන් අනතුරුව ‘‘පත්තරකාරයෝනම් මොකක්හරි කරලා ෂේප් කරගන්න පුලූවන්. ඒත් මේ හු.......... වෙබ්සයිට්කාරයෝ එක්ක බේරෙන්න බැහැ.’’ කියමින් වෙබ්අඩවිකරුවන්ගේ මැණීවරුන් සිහිපත් කරමින් සිට තිබේ.

ඉන් අනතුරුව වෙබ්සයිට්කාරයින්ගෙන් බේරීමේ හොදම මග ලෙස ඔහු විසින් තෝරාගෙන ඇත්තේ කැසිනෝ ක‍්‍රීඩාවෙන් සම්පූර්ණයෙන්ම වැලකී සිටීමයි. ඔහු මේ වනවිට බියර් වීදුරුවක් පවා පානය කිරීම අත්හැර ඇති බව වාර්තාවන අතර මාලූමස් කෑමද නවත්වා තිබේ.

වෙබ්සයිට්කාරයින්ගේ මෑණියන්වරු සිහිපත්කරනවාට වඩා මෙසේ කිරීමෙන් තමන්ගේ දේශපාලන ජීවිතයත් ඊටත්වඩා තමන්ගේ ශරීර සෞඛ්‍යයත් ආරක්ෂාවන බව හම්බන්තොට නගරාධිපතිවරයා තේරුම්ගැනීම පිළබදව ‘පැපරාසියා’ සතුටුවන අතර ‘පැපරාසියා’ ගේ ප‍්‍රතිපත්තිය වන ‘වැදෙන තැනකට වැදේවා රිදෙන තැනෙකට රිදේවා, වැදී රිදී හෝ හැදේවා’ යන්න මල්පල ගැන්වීම පිලිබදව පැපරාසියා තමන්ගේ සතුට සහ ප‍්‍රණාමය ගරුනගරාධිපතිවරයා වෙත යොමුකර සිටී.