ප‍්‍රයිවට් සෙකට්රිව බඩ කරපු ගොන්ගලගේ මාධ්‍ය සදාචාරය

07 December, 2011 | | |


ප‍්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ගෞරවනීය ලේකම් ඩබ්.බී. ගනේගල පසුගිය සෙනසුරාදා වෙබ් අඩවිවලට සදාචාරාත්මකව මාධ්‍ය මෙහෙයවීම කියාදීම සඳහා පනවන ලද වාරණය පිළිබඳව සොයා
බැලීමේදී ගෞරවනීය ලේකම්තුමාගේ සදාචාරය පිළිබඳව ලිවිය නොහැකි තරමේ කරුණු ‘පැපරාසියා’ වෙත ගලා එමින් පවතී. මේ ඉන් එක් සිද්ධියකි.

ගෞරවනීය ලේකම්තුමාගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ............ නම් වූ උපාධිධාරිනිය එම තනතුරට පත් වූ දා සිට ගෞරවනීය ලේකම්තුමා ඇයට ඇල්ම බැල්ම හෙළන්නට විය.

මුලදී ගොන්ගලගේ කුපාඩිකම් නොරිස්සූ ඇය ඊට එරෙහිව ප‍්‍රතිචාර දක්වා ඇති අතර, එහි ප‍්‍රතිඵලය වී ඇත්තේ ඇයට එරෙහිව විවිධ අභූත චෝදනා එල්ල කොට ඇයව බියට පත් කිරීමයි.

කෙසේ හෝ තම අවලන් ආශාවන් පිරිමසා ගැනීම සඳහා ගොන්ගලයා විසින් මෙම උපාධිධාරී තරුණිය පොළොඹවාගෙන තිබේ. මෙහි නියත ප‍්‍රතිඵලය වී ඇත්තේ, ගෞරවනීය ලේකම්තුමා අතින් මෙම තරුණිය ගැබ් ගැනීමයි.

‘‘කෙලියා තාප්පෙට’’ කියා සිතූ ගොන්ගලයා වහාම ඉන් මිදෙන මාර්ගයක් සොයා තිබේ. ඒ සඳහා ඔහු බිල්ලට ගෙන ඇත්තේ එකල ඔහුගේ රියදුරු වශයෙන් සේවය කළ ......... නම් තැනැත්තායි. කෙල්ල ලස්සන නිසා බොසාගේ දරුවාට කර ගැසීමට ඩ‍්‍රයිවර් ඉදිරිපත්වීම නිසා ගොන්ගලයා බෙල්ල බේර ගත්තේය.

නමුත්, අමාත්‍යංශයේ කවුරුන් හෝ පුද්ගලයෙක් නිවුස් එක ගොන්ගලයාගේ භාර්යාවට දන්වා හැරියේය. කෙලියා තාප්පෙට වුණේ ඉන් පසුය. ඇය වැදගත් කාන්තාවක් වන නිසා දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා දික්කසාද නොවී ගරු ලේකම්තුමා සමග තිබෙන අඹු-සැමි සබඳතාවය නවත්වා දැමුවාය. ඇය අදටද ඇයගේ පාඩුවේ වැදගත් ආකාරයට ජීවත් වන්නීය.

ගොන්ගල ලේකම්වරයා එම අවස්ථාවද පෙරලා ගත්තේ තමන්ගේ වාසියටය. දැන් ඔහුට ඔහු යන එන තැන් සෙවීමට, කරන කියන දෑ බැලීමට කවරෙකුවත් නැත. දියණියද සිටින්නේ විදේශගතවය. පුතා ඇඞ්වර්ටයිසින් ඒජන්සියක් දාගෙන ෂේප් එකේ ජීවත් වෙයි.

ගොන්ගල දැන් ’මැරීඞ් බැචුලර්’ කෙනෙකි. මෙම ‘මැරීඞ් බැචුලර්’ගේ තවත් කි‍්‍රයාකාරකම් පිළිබඳව ඉදිරියේදී බලාපොරොත්තු වන්න.