මර්වින්ගෙන් පණිවිඩයක් හා අපෙන් මර්වින්ට පණිවිඩයක්...
07 December, 2011 | | |අන්තර් ජාලයේ සිටින පැපරාසීන්ට මල් ශාලාවකින් පෙට්ටියක් වෙන් කර ගන්නා ලෙස මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා ඉල්ලීමක් කර ඇත.
ආචාර්ය මර්වින් සිල්වා මෙසේ ප්‍රකාශ කොට ඇත්තේ, පෙරේදා (20) කටුනායක පැවැති උත්සවයකදීය.
වර්තමානයේ දී ඇතැම් මාධ්‍යවේදීන් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බව පවසා ඇති අමාත්‍යවරයා, රටේ වැදගත් මිනිසුන්ට අපහාස කරන, බොරු මවාපාන, ඩොලර්වලට යටවී රාජ්‍යයට එරෙහිව කටයුතු කරන මෙම පිරිස් තමා සොයන බව අවධාරණය කොට ඇත.
තමන්ට එරෙහිවත් මොවුන් විසින් යම් යම් දේ පළ කරනු ලැබූවද, තමන් ඊට කිසිසේත්ම බිය නොවන බව හෙතෙම පෙන්වා දී තිබේ.
තමන් හඳ පානේ නරි අල්ලපු මිනිහෙක් බවත්, ඒ නිසාම නරියත්, අලියත්, බල්ලත් පමණක් නොව මොනරාද තමන් හොඳින් අඳුනන බවත් ඔහු කියා ඇත.
එසේම තමන්ට කොටන්නට හිතුණොත් මොන කොටුවත් ඔට්ටු බවත්, ඕනම කොටුවක සෙල්ලම් කරන්නට තමන් සූදානම් බවත්, එය තමන්ගේ උපන් ගතිය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මර්වින්ට පැපරාසියාගේ පණිවිඩය....
‘පැපරාසියා’ගේ කලින් පණිවිඩ ඉතා සාර්ථක ලෙස මර්වින් වෙත ළඟා වී ඇති බව පෙනී යයි. එය සතුටට කරුණකි. කොම්පියුටර් පිළිබඳව මෙලෝ හසරක් නොදන්නා වූ මර්වින් වැනි ඇමතිවරුන්ට අන්තර්ජාලයේ අපගේ පුවත් මුද්‍රණය කර ලබාදුන් අයට අප පළමුව ස්තූතිවන්ත වෙමු.
මර්වින් සිල්වා යනු නොම්බර එකේ බයගුල්ලෙක් බව ඔහුගේ වටේට සිටිනා උදවිය අපට හැමදාම පවසන කරුණකි. මර්වින් චණ්ඩියෙකු වන්නේ රූපවාහිනී කැමරා ඉදිරියේ පමණි. සැබෑ ජීවිතයේදී ඔහු අහිංසක ජෝකරයෙකි. ඔහු එදත් යූ.එන්.පී. අදත් ශී‍්‍ර ලංකා පොරකි. හෙට යූ.එන්.පී. ආණ්ඩුවක් බලයට පත් වුවහොත් මර්වින් සිටින්නේ රනිල් වික්‍රමසිංහගේ පය පාමුළ ඉදගෙනය. හෙට සිට ඔහුට රනිල් ‘මහරජා’ බවට පත්වේ. එතැන් සිට රනිල්ටත්, මර්වින් අතීතයේ කළ කී දෑ අමතකය.
මර්වින්ගේ පක්ෂය බලයේ සිටින පක්ෂයයි. බලයේ සිටින්නේ කවුද මර්වින් එතැනයි. බලයේ සිටින මහඑකා චූන් කිරීමට මර්වින්ට තරම් හැකියාවක් කවරෙකුටවත් නැත. පට්ට අභිසාරිකාවක්ගේ තත්ත්වයෙන් චන්ද්‍රිකාට බැණ වැදුණු මර්වින්, ඇයට දණ ගසා වැද ඇය විහාර මහා දේවිය යැයි කී විට, ඇය කෙතරම් චූන් වුණාදැයි කිවහොත්, මැද කොළඹින් ඡන්ද 2,500 ක් ගත් මර්වින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට තරම් ඇය අන්ධ වූවාය.
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය මහින්ද රාජපක්ෂට දෙන බව දැන ගත් මර්වින් සිල්වා වහා ගොස් චන්ද්‍රිකා ජනාධිපතිනිය හමු වී පවසා තිබුණේ, ‘‘අනේ මැඩම්... පිස්සු කරන්න එපා. කණ පැලෙන්න බොන, බඩු ගහන එකෙක්ට මේ වගේ උත්තරීතර තනතුරු දීල තනතුරේ ගෞරවය හෑල්ලූ කරන්න එපා’’ යනුවෙනි. ඒ බව මහින්ද රාජපක්ෂටද ආරංචි වී තිබුණි.
අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ හොඳම හිතවතා මර්වින්ය. මර්වින් කරන එකම දෙය ජනාධිපතිගේ කකුල් මිරිකීමය. ඊට වඩා දෙයක් කිරීමට ඔහු නොදනී. හෙට රනිල් ආවත්, සජිත් ආවත් ඔය ටිකමය.
එසේ හෙයින්, මේ කාලකන්නි ක්‍රමය වහා අවසන් කළ යුතුව තිබේ. නැත්නම් මුන් හැම එකාම ගොනාට අන්දන්නේ අපවය. එම නිසා මල් ශාලාවකින් පෙට්ටියක් වෙන් කර ගත යුත්තේ පැපරාසීන් නොව, තමන් වටේ සිටින එවුන්ගෙන් මැරුම්කෑමට නියමිත මර්වින් සිල්වා වැනි බියගුළු ජෝකරයින්ය.