සිරස සුසාරගේ අලූත් බිල්ල

05 December, 2011 | | |

 සිරස රූපවාහිනී නාලිකා ප‍්‍රධානී සුසාර දිනාල්ගේ අලූත්ම බිල්ල බවට පත්ව ඇත්තේ විරාජ් වැලිවත්ත බව පැපරාසියාට වාර්තා වේ.

සිරස සුපර් ස්ටාර් වැඩසටහනේ සැබෑ අධක්‍ෂවරයා වූ විරාජ්ගේ වැඩවලට බිය වූ සුසාර ඔහු කපා දමා සිරස රූපවාහිනී නාලිකාවේ ‘සතිඅන්ත කළමනාකරුවා’ ලෙස ස්වාධීන රූපවාහිනීයේ බුද්ධික වික‍්‍රමාදරගෙන ඇති බව  වාර්තා වේ.
බුද්ධික ජනාධිපතිවරයාට කිට්ටු අයෙක්වීම ඔහුට මෙම තනතුර දීමට ප‍්‍රධාන හේතුව බව ද මේ අතර වාර්තා වේ.
බුද්ධිකගේ විවාහ මංගල්‍ය ද පවත්වා ඇත්තේ ජනපති මන්දිරයේ බව ද වාර්තා වේ.
සිරස නාලිකාව කළ රියැලටි වැඩසටහන්වලින් වඩාත් සාර්ථක වැඩසටහන ලෙස සැලකෙන සිරස සුපර්ස් ස්ටාර් වැඩසටහනේ නාමික අධ්‍යක්‍ෂවරයා ධම්මික ෆොන්සේකා වුවද එම වැඩසටහන සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ විරාජ් බව ද එම නාලිකාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වේ.