මහනුවර ට‍්‍රැෆික් ලොක්කාගේ අවසාන කිරිපිඬු පූජාව
07 December, 2011 | | |මහනුවර පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා විශ‍්‍රාම යෑමට දින කිහිපයක් තිබියදී ඊයේ (30) දා මහනුවර ‘ගංග ළඟ හෝටලයේ’දී පවත්වන්නට යෙදුණු කිරිපිඬු පූජාවක් ගැන මහනුවර පොලිස් පොඞ්ඩන් කීපදෙනෙකු ‘පැපරාසියා’ට වාර්තා කළේය.
මී ඇති ගම්මානයකින් පැවත එන පොලිස් පරීක්‍ෂකවරයා ඊයේ මෙම පූජාව සුජාතා උපාසිකාවට පිළිගන්වන විටදීම එම ස්ථානයට මහනුවර පොලිසියේ වැටලීම් ඒකකය පැමිණ තිබේ. මෙම වැටලීම් ඒකකයේ නිලධාරීන්ට බැගෑපත් වුණු පොලිස් පරීක්‍ෂකවරයා තමාට තව දින කීපයකින් විශ‍්‍රාම යෑමට නියමිත නිසා ඊට බාධාවන පරිදි කිසිදු නීතිමය ක‍්‍රියාදාමයක් නොගන්නා ලෙස වැද වැටෙමින් ඉල්ලා තිබේ.
පොලිස් පරීක්‍ෂකවරයාගේ දන් වැළදීමට පැමිණ සිටි උපාසිකාවත් පොලිසියේම අයෙකු බැවින් දෙදෙනා පිළිබඳව සානුකම්පිතව සළකා බැලූ වැටලීම් ඒකකයේ නිලධාරීන් ඔවුන් දෙදෙනා මුදාහැර තිබේ.
තමාගේ හතළිස් වසරකට ආසන්න කාලයක් වූ පොලිස් ජීවිතයේ මෙවැනි වූ සියලූම මෙහෙයුම් සාර්ථකව ඉටු කළත් අවසාන මොහොතේ කරන ලද මෙහෙයුම අබ්ලික්වීම පිළිබඳව ට‍්‍රැෆික් ලොක්කා දැඩි ලෙස මානසික ආතතියකට ලක් වී සිටින අතර ඔහුට වඩා මානසික ආතතියකට ලක් වී සිටින්නේ පසුගියදා පළාත් පාලන ඡන්දයෙන් තේරී පත් වූ ඔහුගේ නාගරික මන්ත‍්‍රී පුත‍්‍රයාය.