දමිතා අබේරත්නගෙන් ආයාචනයක්......

07 December, 2011 | | |


පසුගිය දින කිහිපයේ සිට ‘පැපරාසියා’ ගේ දැඩි ප‍්‍රහාරයට ලක් වූ ජනපි‍්‍රය සිනමා සහ ටෙලි නිලි දමිතා අබේරත්න ඊයේ (15) දවස පුරා අපගේ දුරකතන අංකයට ශී‍්‍ර ලංකාවේ සිට සම්බන්ධ වෙමින්, අප විසින් ඇය සම්බන්ධයෙන් පළ කිරීමට යෙදුනු ප‍්‍රවෘත්ති සම්බන්ධයෙන් ස්වයං පැහැදිලි කිරීමක නිරත වූවාය.

ඇය අප හා පවසා සිටියේ, ඈ සම්බන්ධයෙන් අප විසින් පළ කළ ප‍්‍රවෘත්ති පදනමකින් තොර අසත්‍ය ඒවා බවයි. එහෙත්, ඒ සෑම ප‍්‍රවෘත්තියක් සම්බන්ධයෙන්ම අප සතු මූලාශ‍්‍ර ඇය වෙත ඉදිරිපත් කළ පසු ඊට ඇයගේ ප‍්‍රතිචාරය වූයේ, ඒවා තමාට එරෙහි කණ්ඩායම් විසින් ගොතන ලද ඒවා බවයි.

උදාහරණයක් ලෙස මෙම ප‍්‍රශ්නයට විෂය වූ රුවන්වැල්ලේ සෝභිත හිමියන්ගේ ප‍්‍රවෘත්තිය සම්බන්ධව ඇය සඳහන් කර සිටියේ, එම තැනැත්තා ඇය හඳුනන බවත්, ඇයට ඔහු දුරකතන ඇමතුම් ලබා දෙමින් සැපදුක් සොයා බලන බවත්, ඇයගේ හා ඔහුගේ ඡායාරූප ඇති බවත්, ඒ හැරෙන්නට කිසිදු අයථා සම්බන්ධයක් ඔහු සමග නොමැති බවත්ය.

මීට අමතරව, ඇය විශේෂයෙන්ම සඳහන් කර සිටියේ අද සිනමා, ටෙලි නාට්‍ය ක්‍ෂෙත‍්‍රයේ විනයක් සහ ගරුත්වයක් නොමැති බවත්, තමන්ගේ නිර්මාණ අලෙවි කර ගැනීම සඳහා නිලියන් විවිධ දේශපාලනඥයින් හා නිලධාරීන් සමග නිදි වැදීමට වුව සූදානම් බවය. මේ පිළිබඳව  ඕනෑ තරම් සාක්‍ෂි තමා සතුව ඇති බවත්, තමාට කොතරම් පහර දුන්නත් තමා ඒවා හෙළි නොකරන බවත්ය.

ඇය අවසාන වශයෙන් ‘පැපරාසියා’ගෙන් ඉල්ලා සිටියේ, ඇයට එරෙහිව කරන මෙම නිර්දය පහරදීම නවතා දමන ලෙසත්, එය තමාගේ කලා නිර්මාණ දිවියට විශාල බාධාවක් බැවින් සානුකම්පිතව කරුණු සලකා බලා කටයුතු කරන ලෙසත්ය.

පැපරාසියාගේ සටහන

ජනපි‍්‍රය සිනමා සහ ටෙලි නිලි දමිතා අබේරත්න හට සදාචාරාත්මක සීමාවන් ඉක්මවා යමින් අපට පහරදීමට සිදු වූයේ, අපව ශී‍්‍ර ලංකාව තුළ වාරණයට ලක් කිරීමත් සමගය. එකී වාරණයට ඇයගේ එන්තරවාසිය විශාල දායකත්වයක් සැපයූ නිසාම, අපට ඇයව නිර්දය ප‍්‍රහාරයට ලක් කිරීමට සිදුවිය. එය ඇය වැනි ළඳ බොළඳ යුවතියකට දරාගත නොහැක්කක් බව අපි පිළිගනිමු.

එහෙත්, අපගේ ඉලක්කය මෙවැනි ළඳ බොළඳ යුවතියන් නොවේ. අපගේ ඉලක්කය වන්නේ අල්ලස - දූෂණය - භීෂණය වපුරන මිනී මෝරුන්ය. මෙම මිනී මෝරුන් හඹා යාමේදී අපට සදාචාරාත්මක සීමාවන් ඉක්මවා යාමට සිදුවේ. වෘත්තීය ආචාර්ය ධර්ම අමතක කිරීමට සිදුවේ. තවමත් අප සිටින්නේ අපගේ ඉලක්කයන් සඳහා ඉව අල්ලමින්ය. තවම නියම පහරදීම පටන් ගත්තේ නැත. ෂූටින් පටන් ගන්නටත් පෙර චිත‍්‍රපටය තහනම්ය. එහෙත්, කවර වාරණයකටවත් අපව වළක්වාලිය නොහැක.

දමිතා අබේරත්න අප හා ඇති කර ගත් සම්මුතිය කඩ නොකරන තාක් කල්, ඇය අපට නැවත විෂය නොවනු ඇත.