විමල් වීරවංශට මිලියන දහයක සන්තෝසමක් !

07 December, 2011 | | |


ඉන්ජිනේරු කටයුතු හා ඉදිකිරීම් පිළිබඳ අමාත්‍ය විමල් වීරවංශ මහතාට රුපියල් මිලියන දහයක මුදල් සන්තෝසමක් ඔහුගේ ඉදිකිරීම් කටයුතු කොන්ත‍්‍රාත්කරුවෙකු විසින් පසුගිය දා ලබා දී ඇති බව (පැපරාසියා) ට වාර්තාවේ.

මෙම මුදල එම කොන්ත‍්‍රාත්කරු විසින් රුපියල් දෙදහසේ නෝට්ටුවලින් බන්ඩල් කොට අමාත්‍යවරයාට තිළින කර ඇත්තේ කොළඹ කොල්ලූපිටියේ ‘සිනමන් ග‍්‍රෑන්ඞ්’ හෝටලය යාබඳ පිහිටි ‘ක්‍රෙස්කැට්’ සුපිරි නිවාස සංකීර්ණයේ ඉහළම මාලයේ පිහිටා ඇති ‘මොනාක්’ අතිශය සුඛෝපභෝගි මහල් නිවාසයේ පිහිටි ඔහුට අයත් නිවසේදීය. මෙම සුඛෝපභෝගී මහල් නිවස ඔහු සතුවන බව ඔහුගේ බිරිඳ ශෂී වීරවංශ පවා නොදනී.

ඉදිකිරීම් අමාත්‍යවරයා මේ ආකාරයට ඔහුගේ මිතුරන්ගේ නම්වලට අතිශය සුඛෝපභෝගි මහල් නිවාස රැසක් මිලදී ගෙන ඇති බව ‘පැපරාසියා’ට වාර්තාවේ.

විමල් වීරවංශ අමාත්‍යවරයාට මෙම මුදල තිළින කරන අවස්ථාවේදී ඔහුගේ සමීපතම යෙහෙළියන් දෙදෙනෙක් ඔහු හා විනෝද වෙමින් සිට ඇති අතර මෙම මුදල් ගණන් කිරීම සඳහා ඔහු ඔවුන්ගේද සහය ලබාගෙන තිබේ. තමන් හට වෙනදා ලැබෙන මුදලට වඩා කීයක් හෝ වැඩියෙන් අමාත්‍යවරයා ගෙවනු ඇතැයි එම යෙහෙළියන් දෙදෙනා බලාපොරොත්තු වුවද එදිනද ඔහු ගෙවා ඇත්තේ වෙනදා ගෙවන මුදලමය.

අමාත්‍යවරයා මෙම මොනාක් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ ඇති මහල් නිවසට විවිධ නිළියන්, මෝස්තර නිරූපිකාවන් නිතරම කැටුව එන බවත් ඔවුන් හා සමඟ ඔවුන්ට ඇති මහල් නිවාස ප‍්‍රශ්න ඉදිකිරීම් ප‍්‍රශ්න සහ ඉන්ජිනේරු කටයුතු දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බවත් එම ස්ථානයට නිතර යන එන උදවිය ‘පැපරාසියා’ හා පැවසීය.