රත්තරංගේ අයියා මිනිසුන්ට පොලු තියා කොරියා පනී
05 December, 2011 | | |අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන නොහොත් ‘රත්තරං’ගේ සොහොයුරා කළුතර ප‍්‍රදේශයේ තරුණයින් 25 දෙනෙකුගෙන් පමණ කොරියාවේ රැකියා ලබාදීමට යැයි කියා මිලියන ගණනක් එකතු කොට ගෙන මේ දිනවල අතුරුදහන් වී සිටින බව ‘පැපරාසියාට’ වාර්තාවේ.
වාර්තා වන ආකාරයට ඇමති සොහොයුරා මේ දිනවල කොරියාවේ සංචාරයක නිරත වී සිටී. ඔහු මුදල් ලබාගත් තරුණයන්ට පවසා ඇත්තේ තමා කොරියාවේ සමාගම් කිහිපයක රැකියා අවස්ථා සඳහා සාකච්ඡා කිරීමට මෙසේ කොරියාවට ගොස් සිටින බවයි.
මීට පෙර අවස්ථාවකදීත් තරුණයින් පිරිසකගෙන් මුදල් එකතු කර ගත් ඇමති සොයුරා මේ ආකාරයටම කොරියාවේ සංචාරයක යෙදුනු අතර, නමුත් මේ දක්වා කිසිම පුද්ගලයෙක් කොරියාවේ රැකියා සඳහා යවා නැත. මුදල් ලබා දුන් පිරිස් තම මුදල් නැවත ඉල්ලා සිටි විට ඔවුන්ට තර්ජනය කොට පළවා හැර ඇති අතර, මේ සම්බන්ධයෙන් කළුතර ප‍්‍රදේශයේ කිසිදු පොලිස් ස්ථානයක් ඔහුට එරෙහිව කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගැනීමට මැලි බවක් දක්වන්නේ ඔහුගේ ඇති දේශපාලන බලය හා පොලිස් නිලධාරීන්ට ඔහු නොමසුරුව වියදම් කිරීමේ හේතුවෙනි.