ජෝන්, කෙහෙලියට එළුවෙක් තෑගි දීලා
07 December, 2011 | | |ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් අමරතුංග මහතා පසුගිය දිනක පාර්ලිමේන්තු කැන්ටිමේදී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එළුවෙකු තෑගි දුන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිප පොලක් ‘පැපරාසියා’ට පැවසීය.
ජෝන් මෙසේ තෑගි දුන් එළුවා කෙහෙළිය දෑතින්ම ගෙන සාක්කුවේ දමාගන්නා අතරවාරයේ ‘‘අම්මපා ජෝන් උඹ තමයි යූ.එන්.පී එකේ නායකයා වෙන්න තිබ්බේ. ලොක්කා අපිට මේවගේ සැලකුවානම් අපි කවදාවත් යූ.එන්.පී එක දාල එන්නේ නැහැ බං. ලොක්කගේ ටෙස්ට් එකයි අපේ ටෙස්ට් එකයි දෙකක්නේ. උඹට නිල්පාට ටැබ්ලට් එහෙම වැඩිපුර හම්බවෙනවානම් මං ගැනත් සලකලා බලපන්’’ යනුවෙන් ජෝන් අමරතුංග මහතාගේ දෑතින්ම අල්ලාගෙන කෙහෙළිය ඔහුට මුවපුරා නොසෑහෙන්න ස්තූති කර ඇත.
මෙසේ එළුවා සාක්කුවේ දමාගත් ඇමතිවරයා ජනමාධ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ ප‍්‍රශ්නවලට පිලිතුරු දීම නියෝජ්‍ය ඇමතිවරයාට පවරා එළුවාගේ හැකියාව පරීක්‍ෂා කිරීමට වහාම පාර්ලිමේන්තුවෙන් පිටව ගොස් ඇත. මේ බව සැලවුනු තවත් ඇමතිවරුන් කන්ඩායමක් ජෝන්ව අමතමින් තමන්ටත් ‘එළු ඇස්’ ලබාදෙන ලෙස ඇවටිලි කරමින් සිටනි බව ‘පැපරාසියා’ට වාර්තා වේ.