රංජන්ගේ ආදරය ඉල්ලන නුවර ඇන්ටී

05 December, 2011 | | |


එක්සත් ජාතික පක්‍ෂ සබරගමු පළාත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර හා ප‍්‍රවීන නළු රංජන් රාමනායක විවාහවීමට පොරොන්දුදී එය කඩකළ බවට චෝදනාකරමින් පැමිණිලි කළ නුවර ගුරුවරිය රංජන්ට වඩා වැඩිමහළු අයෙක් බව පැපරාසියාට වාර්තා වේ.

ඇය සිය වයස සගවා රංජන්ට චෝදනා කර ඇති බව ද වාර්තා වේ.

අධිකාර වාසල මුදියන්සේලාගේ දඹවින්න උඩවත්ත බණ්ඩාර නාමල් විජේරත්න ලෙස පෙනී සිටින ඇගේ නියම නම දයාංගනී උද්‍යානි අශෝකමාලා විජේරත්නය.

ඇගේ සැබෑ උපන්දිනය 1955 දෙසැම්බර් 04 වැනිදා බවත්, එහෙත් ඇය පොලිස් පැමිණිල්ල සටහන්කරන විට ලබාදුන් 688493730 V ජාතික හැදුනුම්පතට අනුව ඇගේ උපන්දිනය 1968 දෙසැම්බර් 14 වැනිදා බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

එම පැමිණිල්ලට අනුව ඇගේ ලිපිනය 259/19, කටුගස්තොට පාර, මහනුවර ලෙස දැක්වේ.

සැබෑ උපන්දිනයට අනුව ඇගේ වයස අවුරුදු 55කි. කෙසේවුවද ඇය පෙනී සිටින්නේ වයස අවුරුදු 42 ක අයෙකු ලෙසය.

මෙම තොරතුරු හෙළිවීමත් සමග මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය මගින් ඇගේ වැටුප් අත්හිටුවා ඇත.

මෙම කාන්තාව මෙසේ රංජන්ට චෝදනා කිරීමට ඉදිරිපත්වී ඇත්තේ ජනමාධ්‍යට සම්බන්ධ නුවර පළාතේ ඇමතිවරයෙකු සමග තිබෙන සම්බන්ධයක් නිසා බව ද වාර්තාවේ.

මේ ඇමතිවරයා හට රන්ජන්ට එරෙහිව පවතින චෝදනා කිසිවක් ඔප්පු කිරීමට නොහැකි බව පොලීසිය පවසා තිබියදීත්, ඔහුගේ වියදමින් නීතීඥ සහාය මෙම කාන්තාවට ලබා දෙමින් මෙම නඩුව පුළුවන් තරම් කාලයක් ඇදගෙන යන ලෙස දැනුම් දී ඇති බව 'පැපරාසියාට' වාර්තාවේ.