කළගුණ නොදත් කිලී - මනෝ වික‍්‍රමනායකව ගිලී !

09 December, 2011 | | |


තම ජීවිතයෙන් පුරා අවුරුදු 18 කට වැඩි කාලයක් ‘සිරස’ මාධ්‍ය ජාලයේ උන්නතිය සහ අභිවෘද්ධිය වෙනුවෙන් කාලය හා ශ‍්‍රමය කැප කළ සී/ස මහරාජා සමූහ ව්‍යාපාර ජාලයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂකවරයෙකු වූ මනෝ වික‍්‍රමනායක මහතා එම මාධ්‍ය ජාලයේ ප‍්‍රධානි රාජේන්ද්‍රන් රාජා මහේන්ද්‍රන් නොහොත් ‘කිලී’ මහරාජා විසින් අනියම් ආකාරයට මරා දැමූ අයුරු ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.

මනෝ වික‍්‍රමනායක මහතා මියගිය දෙසැම්බර් 03 වන දිනට දවස් කිහිපයකට පෙර ඔහු විසින් සිරස මාධ්‍ය ජාලයේ ප‍්‍රධානීන් වන ‘නිඞ්රා’ සහ ‘සුසාර දිනාල්’ සමග සාකච්ඡා කරමින් සිරස මාධ්‍ය ජාලය වර්තමානය වන විට දේශපාලන සූදු පිටියක් බවට පත් වී ඇති ආකාරයත්, මාධ්‍ය ජාලයේ අතිධාවනකාරී බවත් පිළිබඳව විශාල කලකිරීමකින් කතා බහ කොට තිබේ.

අධ්‍යක්‍ෂක මනෝ වික‍්‍රමනායක මහතා පැවසූ මෙම අදහස් තමන්ට වැඩි ලකුණු ලබා ගැනීමේ අරමුණින් ‘නිඞ්රා’ සහ ‘සුසාර දිනාල්’ සිරස මාධ්‍ය ජාලයේ ප‍්‍රධානියා වන ‘කිලී’ මහරාජා හා පවසා තිබේ.

මෙම කේලම් ඇසීමෙන් අතිශය කෝප වී ඇති ‘කිලී’ මහරාජා දෙසැම්බර් 03 වැනිදා උදේ වරුවේ මනෝ වික‍්‍රමනායක මහතාට දුරකථනයෙන් දැඩි ලෙස දෝෂාරෝපණය කරමින්, ඔහුගේ දේශපාලන කටයුතුවලට ඇඟිලි නොගසන ලෙසත්, මින් ඉදිරියට මෙවැනි දේවල් තමාට ආරංචි වුවහොත් පැය 24 ක් තුළ ඔහුව එළවා දමන බවට තර්ජනය කොට තිබේ.

‘කිලී’ මහරාජාගේ දුරකථන ඇමතුමෙන් අනතුරුව මනෝ වික‍්‍රමනායක මහතා හඬා වැළපෙමින් සම්පූර්ණ සිද්ධිය පිළිබඳව තම දියණියන් දෙදෙනාට පවසා තිබේ. අනතුරුව හඬමින්ම නිවසින් නික්ම ගොස් ඇති මනෝ වික‍්‍රමනායක මහතා, ‘කොළඹ ගොල්ෆ් කී‍්‍රඩා සමාජයට’ ගොස් දවල් වරුවේ සිට මත්පැන් පානය කොට ඇත.

එහිදී ඔහු හමු වී ඇති ශී‍්‍ර ලංකාවේ සුප‍්‍රකට නීතීඥයෙකු වන නලීන් ලද්දුවහෙට්ටි මහතාටත් මෙම සිද්ධිය පිළිබඳව මනෝ වික‍්‍රමනායක මහතා පවසා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සිය කණගාටුව ප‍්‍රකාර කර ඇති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා, වික‍්‍රමනායක මහතාව අස්වැසීමට විශාල උත්සාහයක් දරා තිබේ.

දවස පුරා අසාමාන්‍ය ලෙස මත්පැන් පානය කරමින්, කල්පනා කරමින් හුන් මනෝ වික‍්‍රමනායක මහතා ගොල්ෆ් කී‍්‍රඩා සමාජයේ සිට ගෙදර යන අතර වාරයේදී දැඩි හෘදයා බාධයකට ගොදුරු වී ඇත. ඉන් අනතුරුව දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබූවද මනෝ වික‍්‍රමනායක මහතා දෙසැම්බර් 03 වනදා මෙලොවින් සමුගන්නා ලදී.