වාස් ගුණවර්ධනගේ පවුලේ සේයාරූ
27 June, 2013 | | |
බින්දුවට වැටෙන මහේස්ත්‍රාත් චරිත...
ලංකාවේ සිටි භයානකම ත්‍රස්තවාදී පවුල කව්දැයි විමසුවහොත් බොහෝ දෙනා ඒ ප්‍රභාකරන්ගේ පවුල යැයි පිළිතුරු දෙනු ඇත. ලෝකයේ සිටි භයානකම ත්‍රස්තවාදී පවුල කව්දැයි විමසුවහොත් ඒ බින් ලාඩන්ගේ පවුල යැයි පිළිතුරු දෙනු ඇත. නමුත් ප්‍රභාකරන්ගේ බිරිඳ මදිවදිනී හෝ බින් ලාඩන්ගේ බිරිඳ අමල් අල් සදා හෝ මිනි ඌෂි වැනි නවීන ගිනි අවියක් මානාගෙන සිටින සේයාරුවක් කිසිවෙකුට දකින්නට ලැබී නැත.
ඒත් වාස් ගුණවර්ධන නම් මිනීමරු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ශ්‍යාමලී ගිනි මානන සේයාරුවක් සහ වාස්ගේ සිය පවුලම නවීන අවි වලින් සන්නද්ධව සිටින අයුරු දැක්වෙන ඉහත සේයාරූ අපට කියන්නේ වාස් සහ පවුල කොතරම් භයානක ත්‍රස්තවාදී පවුලක් ද යන්නයි.
අප මීට පෙරද වාස්ගේ කප්පම් මුදල් පුතා විසින් ප්‍රදර්ශනය කරනු අයුරු හෙළි කළද මෙතෙක් ඒ පිලිබඳ පරීකෂණයක් නැත. මේ සමග සිය පවුලම ගිනි මානාගෙන සිටින අයුරු හෙළි කළද මේ අවි ඔවුන්ට ලැබුනේ කෙසේද? ගිනි බින්දේ කාටද? ආදිය ගැන කිසිදු පරීකෂණයක් සිදු නොවිය හැක. මන්ද යත් රහස් පොලිසියේ ශානි අබේසේකර විසින් වාස්ගේ පුතා මිනීමරුවන් සහ ඝාතනය කළ සියාම් සමග වෑන් රථයට නැග ගිය බව මහේස්ත්‍රාත් සහාබ්දීන්ට වාර්තා කර තිබියදී පවා අද දක්වා ඔහුගෙන් ප්‍රශ්න කරන්නැයි සහාබ්දීන් නියෝග කර නැති නිසාය.
නිවැරදි පරීකෂණයක් සිදුකරන්නේ නම් වාස් මිලියන ගණන් කප්පම් ගත්තැයි චෝදනා වෙද්දී කප්පම් මුදල් සමග අප විසින් ප්‍රසිද්ධ කළ පුතාගේ සේයාරුව ගැනද පරීකෂණ කරන්නැයි සහාබ්දීන් මහේස්ත්‍රාත් රහස් පොලිසියට නියෝග කළ යුතුය. අද ප්‍රසිද්ධ කරන ගිනි අවි සමග මේ සේයාරූ ගැනද පරීකෂණ කළ යුතුය. මන්ද මොවුන් මුදලට මිනිස් ඝාතන කළ බවට පාපෝච්චාරණ 5 ක් දැනටමත් මහේස්ත්‍රාත් වෙත තිඛෙන බැවිනි.
දිසා විනිසුරුවරුන් පගාව අරන් හසුවෙන රටක මහේස්ත්‍රාත්ලා ගැන ද මහජනතාවට විශ්වාසයක් නැත. අනෙක් අතට භාරත ලක්ෂ්මන් ඇතුළු සිව් දෙනෙක් ඝාතන පරීකෂනයේදී සිංගප්පූරුවට ගොස් පැමිණ මිනීමරු දුමින්දට 'මතක නැතැයි' කියා කීවේ මෙම ශානි අබේසේකරම ය. එය පිලිගත්තේ ද මෙවැනිම මහේස්ත්‍රාත් කෙනෙකි. අද දුමින්දට මතකය ඇවිල්ලා දැයි ඇසීමට මහේස්ත්‍රාත්ටත් අමතකය. ශානිටත් අමතක ය. ඒ නිසා මහජනතාවට මේ කිසිවෙකු ගැන විශ්වාසයක් නැත.
ලංකාවේ උසස් පෙලට කලා විෂයන් හදාරන බහුතරයක් ගණන් බැරි ලමයි ය. එනම් ගැටළු නිරාකරණයේ අදක්ෂයෝ ය. එතැනිනුත් විශ්ව විද්‍යාලයට යා ගත නොහැකිව යාන්තම් එස් 3 ක් ලබා ගන්නෝ නීතිය හැදෑරීමට එති. නීතිඥයන් වූ පසුවද දක්ෂ නීතිඥයෙකු ජීවිතයට මහේස්ත්‍රාත් විභාගය ලියා මහේස්ත්‍රාත් කෙනෙක් වන්නේ නැත. ඒ අනුව ලංකාවේ සාමාන්‍යයෙන් මහේස්ත්‍රාත් කෙනෙක් වෙන්නේ ගැටළුවක් නිරාකරණය කරගන්නට බැරි නීතියෙහි අදක්ෂ හාල් කෑල්ලකි. (සෑම සියළු දෙනාටම මෙය පොදු යයි අපි නොකියමු). මේ හාල් කෑලි විසින් විසඳූ දුමින්දගේ මතක නැති වීම, මේජර් වරයා විසින් තමාටම ගහ ගැනීම ආදී විප්‍රකාර අපරාධ පරීකෂණ නඩු නිසා රටේ ජනතාවගේ විශ්වාසය බින්දුවට වට්ටවාගෙන තිබේ. ඒවාට වගකිව යුත්තේ ඔවුන්ම මිස ජනතාව හෝ මාධ්‍යය හෝ නොවේ. කැන්ගරු මරාධිකරණයක් ඔජ වඩා හිඳුවා ගැනීමට වග කිව යුත්තේ විනිසුරුවන්ම මිස ජනතාව නොවේ.
නීතිපති ඍජුව සහාය නොදෙන බව අගතියට පත් පාර්ශවයේ නීතිඥයෝ ප්‍රසිද්ධියේ චෝදනා කළහ. අපරාධ පරීකෂණයේදී මහේස්ත්‍රාත් වරයා සාධාරණය සොයන්නෙක් නොවේ. යුක්තිය සොයන්නෙකි. අපරාධ කරුවාටත් අගතියට පත් පාර්ශවයටත් එක සමාන හැන්දෙන් ඛෙදන 'සාධාරණයක්' ලෝකයේ අපරාධ පරීකෂණයේදී සිදු නොවේ. මෙය යුක්තිය ඉටු වීමට නම් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීකෂනයට සහාය දැක්විය යුතු මට්ටමයි. 1979 අපරාධ නඩු විධි විධාන සංග්‍රහ පනතේ 'මහේස්ත්‍රාත්වරයා යම් අපරාධයක විමර්ශනය සඳහා පොලිසියට සහාය විය යුතුය' යන්න පැහැදිලිවම දක්වා ඇත. නීතිපතිවරයාට නියෝග නිකුත් කරන්නැයි පොලිසියට අධිකරණයෙන් ඉල්ලිය නොහැක. නීතිපතිවරයාට නියෝග නිකුත් කළ යුත්තේ මහේස්ත්‍රාත්වරයා යි. භාවිත, අතුරුදහන් සහ සැඟවූ ගිනි අවි සහ උණඩ, කප්පම් මුදල් තැන්පත් කළ ගිණුම්, ආදිය ගැන පරීකෂණ කිරීමට පොලිසියට නියෝග කළ යුත්තේ මහේස්ත්‍රාත්වරයා යි. (අප ඒවා ගැන අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තොරතුරු හෙළි කර ඇත)
එබැවින් අප එක් දෙයක් අවධාරණය කරමු. වාස් කළ අපරාධ ගැන පරීකෂණය තවත් භාරත ඝාතන පරීකෂණයක් නොවිය යුතුය.
වාස් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා අජිත් පතිරණ ගැනද සඳහන් කළ යුතුමය. සල්ලි වලට ඕනෑම මිනීමරුවෙක් වෙනුවෙන් පෙනී සිටීමට ඔහුට අයිතියක් ඇත. අධිකරණයේ ඕනෑම බොරුවක් මෝඩ කතාවක් ප්‍රකාශ කිරීමේ අයිතියද ඇත. නමුත් එළියට පැමිණ ලාබ ප්‍රචාරය සඳහා මාධ්‍යයට ගොන් කතා කීමෙන් වැළකුන හොත් හන්දුරු පට්ටම බේරා ගත හැකි වනු ඇත.
වාස් ගුණවර්ධන පොලිසියේ අයිතිකාරයා නොවන බවත් ඔහු මේ වැරදි කළා නම් අනෙක් නිලධාරීන් කළේ කුමක්දැයි ඔහු විමසයි. දැනටමත් ඔහු අත් අඩංගුවට ගෙන ඇත්තේද පොලිසිය බව අජිත් පතිරණට අමතක වී තිබේ. වාස් වැරදි කළා නම් පොලිසියේ අනෙක් අයත් වැරදි යැයි කීමට ඔහු තටමයි. එසේනම් අජිත් පතිරණ වැනි නීති විකටයෙක් බිහි කිරීම ගැන ඔහුගේ පියා සම්පූර්ණයෙන්ම වැරදි විය යුතුය.
මහේස්ත්‍රාත්ට කරන රහසිගත ප්‍රකාශ අපක්ෂපාතී නොවේ යැයි තප්පුලයි. මහේස්ත්‍රාත්ට රහසිගත ප්‍රකාශයක් කරද්දී ඔහු පළමුවෙන්ම විමසන්නේ තමන් ස්ව කැමැත්තෙන් මෙය කියන්නේද බලපෑමක් නිසා කියන්නේද කියාය. බලපෑමක් අනුව කියනවා යි කීවොත් එය ලබාගන්නේද නැත. රහසිගත ප්‍රකාශයේදී පොලිසිය එතැන නැත. සාක්කිකරුවාට ඕනෑම දෙයක් ප්‍රකාශ කළ හැක.
ඒ බව හොඳින්ම දන්නා අජිත් පතිරණ මාධ්‍ය ඉදිරියේ ගොන් කතා පවසයි. ඔහුට සාක්කි ආඥා පනතේ 37-1 වගන්තිය යළි කියවා තේරුම් ගන්නා ලෙස මතක් කරමු. වාස්ගෙන් ලබා ගත් ඇඩ්වාන්ස් රුපියල් ලක්ෂයක් වැනි සොච්චමකට වෘත්තීය ගොනෙක් ලෙස හංවඩු ගසා ගැනීමෙන් වළකින ලෙස අවවාද කරමු.
